December 25, 2023

හෙට (26) පෙරවරු 9.25 සිට 9.27 දක්වා මිනිත්තු දෙකක කාලයක් නිහැඬියාවක් ආරක්ෂා කරන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලයි.

ජාතික සුරක්ෂිතතා දිනය හෙටට (26) යෙදී ඇති අතර 2004 වසරේ දී ඇති වූ සුනාමි ව්‍යසනයෙන් මියගිය සහ විපතට පත්වූවන් එහිදී සිහිකෙරේ.

මෙහි ප්‍රධාන සැමරුම හික්කඩුව පැරෑලිය සුනාමි ස්මාරකය අසල පැවැත්වීමට නියමිතය.

සුනාමියෙන් 35000ක්,පමණ  මියගිය අතර හික්කඩුව පැරෑලියේදී සිදුවූ දුම්රිය අනතුරින් දහසකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්විය.

42.31%
17.27%
32.76%