Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුළු මහත් ලොවක් අඳුරු කරමින් හිත්පිත් නැති සයුරු රළට, ජීවිත දහස් ගණනාවක් බිලි වී අදට වසර 20කි.
දිනය 2004 දෙසැම්බර් 26 වැනි දා වේලාව උදෑසන 6 යි විනාඩි 58ට උතුරු සුමාත්‍රා දූපත් සමීපයේ ගැඹුරු මුහුදේ මැග්නිටියුඩ් 9.1ක ප්‍රබල භූ කම්පාවක් සිදුවිය.
නත්තලට පසු ඉරිදා දිනයේ විවේකීව ගතකළ කිසිවෙකුත් නොදැන සිටි මහා ව්‍යසනයක ආරම්භය එයයි.
ස්ථාන කිහිපයක පොළොව සෙලවුණු බවට වාර්තා ලැබිණි.
විනාඩි කිහිපයකින් ත්‍රිකුණාමලයෙන් මුහුද ගොඩගලන බවට තොරතුරු ලැබිණි.
භූමිකම්පාවෙන් පැය දෙකකට පසුව හරියටම උදේ 9 යි 26 ට පැයට කිලෝමීටර් 800ක වේගයෙන් පැමිණි මුහුදු රළ රටේ වෙරළ තීරයෙන් රට ඇතුළු විය.
මිනිස් ඉතිහාසයේ අප අත්දුටු දැවැන්තම ස්වාභාවික ව්‍යසනය ආසියානු කලාපයේ රටවල් 14ක ජීවිත දෙලක්ෂ විසි හත්දහස් අටසිය අනූ අටක් අහිමි කළේ තත්පර කිහිපයකිනි.
ශ්‍රී ලංකාවේත් ජීවිත 35,000ක් පමණ සුනාමියෙන් අහිමි විය.
පැරෑලියේ දුම්රියේ පමණක් අහිමි වූ ජීවිත ගණන 1270 කි.
තවත් 141 දෙනෙකුට සිදු වූයේ කුමක්දැයි අදටත් කිසිවෙකු දන්නේ නැත.
කෙසේවෙතත් සුනාමියෙන් පසු සමස්ත රටම එකාවන්ව විපතට පත් අනෙකාට උපකාර කිරීමට ඉදිරිපත් වීම, ලොව වෙනත් රටවල් ස්වාභාවික විපත්වලට මුහුණදීමේ අත්දැකීම්වලට වඩා වෙනස් විය.
එහෙත් පසුකාලීනව, විදේශයන්ගෙන් රජයට ලැබුණු සුනාමි සහනාධාර විශාල වශයෙන් යටිමඩි ගැසුණු බව අසන්නට ලැබීම කණගාටුවට කරුණක් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart