
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා 25% ක තීරුබදු පැනවීම අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.
ඔහු පවසා ඇත්තේ, ඒ සම්බන්ධයෙන් රටවල් දෙක සමග ගනුදෙනුවකට එළඹීමට ලබා දී තිබූ කාලය අවසන් වී ඇති බවයි.
කැනඩාවට සහ මෙක්සිකෝවට 25% ක තීරුබදු පනවන බව ට්‍රම්ප් වසර මුල සිට අනතුරු අගවා තිබිණි.
ඔහු ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව තීරුබදු පැනවීම ප්‍රකාශයට පත්කළ අතර, ඒ සම්බන්ධයෙන් වන විධායක නියෝගය බලාත්මක වීමට නියමිතව තිබුණේ අද සිටය.
ඒ අනුව, පූර්ව ප්‍රකාශ පරිදි කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා 25% ක තීරුබදු පැනවීම ස්ථීර බව ට්‍රම්ප් ඊයේ නිවේදනය කර තිබේ.
ඊට ප්‍රතිචාර වශයෙන් අමෙරිකානු කොටස් වෙළඳපොළ ඊයේ පහතවැටී තිබූ බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
චීන ආනයන සඳහා ද ට්‍රම්ප් ඊයේ අතිරේක 10% තීරුබද්දක් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව, චීනයට ඉකුත් සතියේ පනවනු ලැබූ 10% ක තීරුබද්ද සමග මේ වනවිට බලාත්මක වන අතිරේක තීරු බද්ද 20% කි.
ට්‍රම්ප් පාලනය හමුවේ ඇමරිකාවේ ප්‍රමුඛතම වෙළඳ හවුල්කරුවන් තිදෙනාම වඩා ඉහළ වෙළඳ බාධකයකට මුහුණ දී සිටියි.
තීරුබදුවලට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාවට එරෙහිව දැඩි ප්‍රතිචාර දක්වන බව රටවල් තුනම පවසා ඇත.
ඒ හමුවේ, පුළුල් වන වෙළඳ යුද්ධයක් සම්බන්ධයෙන් අන්තර්ජාතික ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අගවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart