Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගම්පහ, මීරිගම- නල්ල – මාලදෙණිය ප්රදේශයේදී එකම පවුලේ පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 42 හැවිරිදි පුද්ගලයකු අද අලුයම අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුගේ කමිසයේ තිබූ ලේ පැල්ලම් හේතුවෙන් මතු වූ සැකය අනුව බව පොලිසිය පවසයි.
නල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් පාපැදියකින් ගමන් කරමින් සිටි සැකකටයුතු පුද්ගලයකු අද අලුයම නවතා පරීක්ෂා කර තිබිණි.
එහිදී සැකකරුගේ කමිසයේ ලේ පැල්ලම් දැක ඇති අතර එහිදී සැකකරුගේ බෑගයේ තිබී රුපියල් 255,620ක මුදලක්, රන් මාලයක් සහ රන් මුදු දෙකක් ද සොයාගෙන තිබේ.
සැකකරු සන්තකයේ තිබී පිහියක් ද හමු වී ඇත.
වැඩිදුර ප්රශ්න කිරීම්වලදී 2002 වසරේ දේශපාලන පක්ෂයක සාමාජිකත්වය දැරූ කාඩ්පතක් නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.
පසුව නිලධාරීන් සැකකරු සමඟ කාඩ්පතේ තිබූ ලිපිනයට ගිය අවස්ථාවේ මියගිය පුද්ගලයන් තිදෙනාගේ සිරුරු සොයාගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරු හලාවත බංගදෙණිය ප්රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු නාල්ල පොලිසිය භාරයේ පසුවෙයි.
අදාළ සිද්ධියෙන් මියගොස් තිබුණේ 42 හැවිරිදි පුද්ගලයෙක්, ඔහුගේ 80 හැවිරිදි පියා සහ 77 හැවිරිදි මවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart