December 22, 2024

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හෙට (23) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට නියමිත බව The Sunday Times පුවත්පත වාර්තා කරයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඉවත් කිරීමට රජය ගත් තීරණය මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල විසින් අඟහරුවාදා (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කළේය.

පසුගිය මාස 11 1/2ක කාලය තුළ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා පමණක් රුපියල් බිලියන 1.4කට අධික බදු ගෙවන්නන්ගේ අරමුදල් වැය කර ඇති බව ඇමැතිවරයා පැවසීය.

නව ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක කිරීමෙන් රජයට අවම වශයෙන් වසරකට රුපියල් බිලියන 1.2ක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇතැයි ඔහු කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් තවදුරටත් කටයුතු කරනු ඇත.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව මාස හයකට වරක් සමාලෝචනය කර ඒ අනුව ආරක්ෂාව ලබා දෙන බව ඇමැති විජේපාල පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක කර්නල් නලින් හේරත් The Sunday Times වෙත ඊයේ තහවුරු කර ඇත්තේ හිටපු ජනාධිපතිවරුන්ට අනුයුක්ත කර ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් දෙසැම්බර් 23 වැනිදා සිට ඉවත් කරන බවයි.

ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඉවත් කළද හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට කිසිදු අයුරකින් කිසිදු හානියක් සිදු නොවන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවත් කර්නල් හේරත් අවධාරණය කර තිබේ.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට වැයකර ඇති මුදල් පිළිබඳ වාර්තාවක් පහතින්.

42.31%
17.27%
32.76%