Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ විරෝධය නොතකා එම විද්‍යාලය ආසන්නයේ පිහිටි පෞරාණික උමගක් අවට කඩා වැටීමට නියමිතව තිබූ ගස් ඉවත්කර පෞරාණික උමං මාර්ගය සංරක්ෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් පවසන්නේ සංරක්ෂණය කිරීම සඳහා ගස් අටක් කපා දැමීමට සිදුවන බවයි.
“උමගට වැසි ජලය එක්රැස්වීම නැවැත්වීම සඳහා ඊට උඩින් වියනක් ඉදිකිරීමට අපි සැලසුම් කරනවා. ජලය එක්රැස් වීම ඩෙංගු බෝවන තෝතැන්නක් බවට පත් විය හැකි නිසා සෞඛ්‍ය උවදුරක් ද ඇති විය හැකියි” යනුවෙන් ඔහු පවසා ඇත.
කෙසේවෙතත්, මේ වන විට පාසල් සිසුන් භුක්ති විඳින සිසිල් පරිසරයට ගස් කැපීම මගින් බලපෑම් එනු ඇතැයි එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය පවසයි.
“මේ ගස් අවුරුදු 100කට වඩා පරණයි, ඒවා කපන එක අපරාධයක්,” ආදි ශිෂ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන දිලීප මහේෂ් සඳහන් කරයි.
“අපිට සහතික වුණා ගස්වල අතු කිහිපයක් පමණක් කපනවා මිස සම්පූර්ණ ගස් කපන්නේ නැහැ කියලා. දෙපාර්තමේන්තුව සිය ස්ථාවරය වෙනස් කර ඇත්තේ මන්දැයි අපට පුදුමයි,” ඔහු පැවසීය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ න්‍යායන්ට අනුව මෙම උමග කොටුව වරාය දෙසට විහිදී තිබී ඇතැයි විශ්වාස කෙරේ.
එවැනි උමං මාර්ග සහ රහසිගත මාර්ග රට තුළ යුද්ධ හා ආරවුල් ඇති වූ විට එය ප්‍රයෝජනවත් විය.
රාජධානියේ පවුල් සහ කාන්තාවන්ට ගැලවී යෑමේ මාර්ග ලෙස මෙම උමං භාවිත කරන ලද අතර, සැඟවී සිට සතුරන් දිනා ගැනීමේ උපාය මාර්ගයක් ලෙසද භාවිත කරන ලදී.
මෙම උමග පිළිබඳ නොලියූ කතාන්දර කිහිපයක්ම ඇති අතර ඉන් එකක පැවසන්නේ මෙය වීදිය බණ්ඩාර කුමරුගේ බිරිඳ සහ සීතාවක රාජධානියේ මායාදුන්නේ රජුගේ දියණිය වනසමුද්‍රදේවී කුමරිය විසින් කොළඹ බලකොටුවේ පෘතුගීසීන්ගේ සිරගෙයින් සැමියා මුදා ගැනීම සඳහා ඉදිකරන ලද්දක් බවයි.
කොටුවේ බ්‍රිස්ටල් වීදියෙන් භූගත උමගක කොටස් සොයාගෙන ඇති අතර එය මෙම උමං සංකීර්ණයේ කොටසක් බව පැවසේ.
2014 වසරේ ආනන්ද ශාස්ත්‍රාලයේ කැණීම්වලදී අඩි 11ක වට ප්‍රමාණයකින් යුත් ස්ථූපයකින් සමන්විත කබොක්වලින් කැපූ කුටියක් ද සොයා ගන්නා ලදී.
මෙම සම්පූර්ණ ව්‍යුහයේ විශේෂත්වය වන්නේ මුළු කුටිය සහ ස්ථූපය මුදුනේ සිට කැටයම් කර තිබීමයි.
කුටියේ බිම අඩි 11ක් පමණ ස්වභාවික පොළව යට පිහිටා ඇති අතර ස්වභාවික කබොක් පර්වතයෙන් කැටයම් කර ඇති පතුලේ සඳකඩ පහණකින් සම්පූර්ණ වූ පියවර 12ක් ඕනෑම කෙනෙකුට යා හැකිය.
මුළු කුටිය අඩි 18×35 ප්‍රමාණයෙන් යුක්ත වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart