Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන්ට සතුන්ට මෙන් නොසළකන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන බන්ධනාගාර නිලධාරීන්ට අවවාද කර තිබේ.
සැකකරුවන් විවෘත අධිකරණයට රැගෙන ඒමේදී සියලු සැකකරුවන් දම්වැල්වලින් එකට බැඳ නොදැමිය යුතු බව ඔහු අවධාරණය කළේය.
රිමාන්ඩ් භාරයේ සිටින පුද්ගලයන් ද මනුෂ්‍යයන් බවත් ඔවුන්ට ගෞරවයෙන් සැළකිය යුතු බවත් මහේස්ත්‍රාත්වරයා නිලධාරීන්ට සිහිපත් කළේය.
අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම අදහස් පළ කළේ දම්වැල්වලින් බැඳ අධිකරණ ශාලාවට රැගෙන ආ සැකකරුවන් පිරිසක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.
“සැකකරුවන් සතුන් මෙන් දම්වැල්වලින් බැඳ අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මම එකඟ නැහැ. ඔවුන් මනුෂ්‍යයන් බැවින් ඔවුන්ට සළකන්න ඕනේ” අතිරේක මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.
රිමාන්ඩ් සිරකරුවන් නිසි ක්‍රියාපටිපාටිවලට අනුව අධිකරණ සිර මැදිරිය තුළ රඳවා තැබිය යුතු බවට ද ඔහු වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart