June 1, 2024

ස්ටාර්ලින්ක් සේවාව ශ්‍රී ලංකාව තුළ විධිමත් ලෙස අනුමත කිරීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) ලබන සතියේ රැස්වීමට බලාපොරොත්තු වන බව තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් පවසයි.

මෙවැනි කිසිදු සමාගමක් ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ක්‍රියාත්මක නොවන බව පවසන රාජ්‍ය ඇමැතිවරයා, එහි මෙහෙයුම් කටයුතු පහසු කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි සහ නීතිමය රාමුව පිළිබඳ සොයා බැලීමට කටයුතු කරමින් සිටින බව සඳහන් කර තිබේ.

රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ස්ටාර්ලින්ක් වෙත ලබා දෙන බලපත්‍රයේ ස්වභාවය පිළිබඳව සොයා බලමින් සිටින අතර ලබන සතියේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව රැස්වීමට නියමිත බවයි.

කොමිසමේ අවසන් තීරණය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

වඩාත්ම ජනාකීර්ණ නාගරික ප්‍රදේශවලට ප්‍රමුඛත්වය දෙන සාම්ප්‍රදායික විදුලි සංදේශ සපයන්නන් මෙන් නොව, ස්ටාර්ලින්ක් ගෝලීය ආවරණය සැපයීම අරමුණු කරමින් ලොව වඩාත්ම දුරස්ථ කොන්වලට පවා අන්තර්ජාල සම්බන්ධතාව ව්‍යාප්ත කරයි.

ස්ටාර්ලින්ක්හට ඕනෑම අවස්ථාවක නැවත ස්ථානගත කළ හැකි චන්ද්‍රිකා සමූහයක් සමඟින් පෘථිවියේ ඕනෑම ස්ථානයකට පාහේ අන්තර්ජාල ප්‍රවේශය සැපයිය හැකි අතර, ප්‍රවීණයන් පවසන පරිදි, පරිශීලකයා කොංගෝවේ, ආක්ටික් ප්‍රදේශයේ හෝ මුහුදු වෙරළේ සැතපුම් සිය ගණනක් දුරින් පිහිටි තෙල් වළක් මත සිට ක්‍රියාත්මක වුවද විශ්වාසදායක අන්තර්ජාල ප්‍රවේශය ලබා ගත හැකි වේ.

මේ වන විට ස්ටාර්ලින්ක්හට මිලියන 02කට වඩා ක්‍රියාකාරී පාරිභෝගිකයන් සිටින අතර එය මහාද්වීප හතේම රටවල් 60කට අධික සංඛ්‍යාවක පවතී.

 

42.31%
17.27%
32.76%