Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙවන ලෝක යුද්ධය දක්වා දිවෙන ඉතිහාසයකට හිමිකම් කියන ඓතිහාසික ගුවන් තොටුපළක් වන හිඟුරක්ගොඩ ගුවන් තොටුපළ ප්‍රතිසංස්කරණය කිරීමට රජය සැලසුම් කර තිබේ.
මුල් කාලීනව RAF (Royal Air Force) මින්නේරිය ලෙස හැඳින්වූ මෙම ගුවන් තොටුපළ යුද සමයේදී එංගලන්තයේ රාජකීය ගුවන් හමුදාවේ උපායමාර්ගික කඳවුරක් ලෙස භාවිත කර ඇත.
එම පෞරාණික ගුවන් තොටුපළ වර්තමානයේදී මෙරට ආර්ථික වර්ධනයට සහ අන්තර්ජාතික සබඳතා වර්ධනයට දායක වන කාර්යබහුල අන්තර්ජාතික ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරීම රජයේ අරමුණයි.
හිඟුරක්ගොඩ ගුවන් තොටුපළේ මූලික ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතු සඳහා 2024 අයවැය මගින් රුපියල් බිලියන 2 ක සැලකිය යුතු මුදලක් වෙන්කර ඇති බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
එම සංවර්ධන වැඩසටහනේ පළමු අදියර යටතේ දැනට පවතින ධාවන පථය තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමුකරනු ඇත.
ඒ අනුව, දැනට දිගින් මීටර් 2287ක් සහ පළලින් මීටර් 46ක් වන මෙම ධාවන පථය සම්පූර්ණ දිග මීටර් 2500ක් දක්වා පුළුල් කෙරේ.
එම සංවර්ධන ව්‍යාපෘතිය හරහා ප්‍රකට Airbus A320 සහ Boeing B737 මාදිලි ඇතුළු විශාල වර්ගයේ ගුවන් යානා සඳහා ගුවන් තොටුපළට ලගාවීමට පහසුකම් සැලසෙනු ඇතැයි අපේක්ෂිතයි.
මෙම විස්තීර්ණ නවීකරණ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර ඇති මුළු මුදල රුපියල් බිලියන 17 කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart