December 31, 2024

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ, මොරටුව දිසා විනිසුරුවරයා ලෙස ස්ථාන මාරුකිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලෙස පත් කර ඇතැයි වාර්තා වේ.

එහිදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් පුරප්පාඩුව සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය පත්කිරීමට ද අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇතැයි වාර්තා සදහන් කරයි.

හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු දෙදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති මිලියන 9ක අල්ලස් නඩුවේ විභාගය අවසන් වන තෙක් වෙනත් අධිකරණයකට තමාව මාරුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබිණි.

ඔහු පෙන්වා දී තිබුණේ, අදාළ විත්තිකරුවන්ගෙන් එක් අයෙකු වන සලෝචන ගමගේ ඔහුගේ සහෝදරයෙකු වන බැවින්, එම අල්ලස් නඩුවේ විභාග කටයුතු කරගෙන යෑමට තම අධිකරණයට නොහැකි බවත්, එමගින් ළබැඳියාවන් අතර ගැටුමක් ඇති වන බවත්ය.

42.31%
17.27%
32.76%