Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ වසරේ දෙසැම්බර් 01 වැනිදා වන විට වන අලි 449ක් සහ අලි මිනිස් ගැටුමෙන් පුද්ගලයන් 169ක් මිය ගියද ගැටලුවට ප්‍රායෝගික විසඳුමක් ලබාදීමට අදාළ බලධාරීහු තවමත් අසමත්ව සිටිති.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මෙම වසරේ පමණක් වෙඩි වැදී තුවාල හේතුවෙන් අලි ඇතුන් 81 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඊට අමතරව විදුලිසැර වැදීමෙන් දැවැන්තයන් 60ක් මියගොස් තිබේ.
එසේම හක්ක පටස් හේතුවෙන් අලි 44 ක්, දුම්රිය අනතුරු නිසා 22ක්, විෂ ශරීරගත වීමෙන් 04ක්, මාර්ග අනතුරු නිසා 01ක් සහ වෙනත් ආකාරයේ අනතුරු 14ක් හේතුවෙන් මේ වසරේ අලි මරණ වාර්තා වී ඇත.
අලි ඇතුන් හතරදෙනෙක් කෘෂි ළිංවලට වැටීමෙන් ගිලී මියගොස් තිබේ.
සොයාගන්නා අවස්ථාව වන විට මළ සිරුරු දිරාපත් වී ඇති බැවින් ඉතිරි අලි මරණවලට හේතුව තහවුරු කිරීමට වනජීවී බලධාරීන්ට නොහැකිවී ඇත.
අලි මිනිස් ගැටුම මෑත කාලයේ ඇති වූ සංසිද්ධියක් නොවේ.
එය දශක ගණනාවක් තිස්සේ සිදුවෙමින් පවතින නමුත් මිනිසුන් සහ අලි ඇතුන් අතර ක්‍රමයෙන් ඉහළ යන භුමිය පිළිබඳ ගැටළු හේතුවෙන් මෙම අර්බුදයේ තීව්‍රතාවය වේගයෙන් වැඩිවෙමින් පවතී.
2019 සිදුකළ අධ්‍යයනයකින් කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ අලි වාසස්ථාන පරාසයෙන් සියයට 70කට ආසන්න ප්‍රමාණයක මිනිසුන් ජීවත් වන බවයි. එයින් අදහස් වන්නේ මිනිසුන්ට අලි ඇතුන් නිතර මුණගැසෙන බවයි.
අනුරාධපුර, පොළොන්නරුව සහ නැගෙනහිර වනාන්තර පරාසයේ මෙම ගැටලුව දැඩි ලෙස දක්නට ලැබේ.
නවතම සංඛ්‍යාලේඛන අනුව, දෙපාර්ශ්වයේම මරණ සංඛ්‍යාව අනුව මෙම වසර නරකම වසර බව පෙනේ.
කෘෂිකාර්මික කටයුතු සඳහා මිනිසුන් තවදුරටත් වනගත අවකාශයට සිය හස්තය දිගුකරන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අලි රංචු අවසානයේ වගා බිම් කොල්ලකති.
බඩ ඉරිඟු, සහල් සහ කෙසෙල් වැනි පෝෂ්‍යදායී භෝග සඳහා අලි පහසුවෙන් ආකර්ෂණය වෙති.
විදුලි වැටවල් සවිකිරීම සඳහා ගොවීන් යොමුවන නමුත් එම විසඳුම තවමත් ඵලදායී වී නැත.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම ගැටලුව විසඳීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා විවිධ ක්ෂේත්රවල ප්‍රවීණයන්ගෙන් සමන්විත ඉහළ මට්ටමේ කමිටුවක් පත්කළේය.
සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයේ (CCRSL) ජීව විද්‍යාඥ ප්‍රීතිවිරාජ් ප්‍රනාන්දු විසින් මෙම කමිටුවේ ප්‍රධානියා වූ අතර, එහි වාර්තාව 2020 දෙසැම්බර් මාසයේදී ඉදිරිපත් කරන ලදී.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2006 වසරේ සම්මත කරන ලද අලි සංරක්ෂණ ප්‍රතිපත්තියට අනුව ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ට මෑතකදී උපදෙස් ලබා දී ඇත.
අලි මිනිස් ගැටුමෙන් පීඩාවට පත් බොහෝ කලාපීය රටවල ගොවීන් වන අලි තම ඉඩම්වලින් පලවාහැරීමට පොදු උපක්‍රම භාවිත කරන බව විපතට පත් ගොවීහු පවසති.
සත්ත්ව සුභසාධනය සඳහා වන අන්තර්ජාතික අරමුදලට අනුව, අලි යනු මහා ශාකභක්ෂකයන් වන අතර ඔවුහු දිනෙකට ආහාර කිලෝග්‍රෑම් 150 ක් දක්වා අනුභව කරන අතර දිනකට ජලය ලීටර් 190 ක් දක්වා පානය කරති.
ජීවත්වීමට ප්‍රමාණවත් ආහාර සහ ජලය සොයාගැනීමට ඔවුන් විශාල ප්‍රදේශයක් හරහා ගමන් කළ යුතුය.
එහෙත්, දෙපාර්ශවය අතර සහජීවනය දුෂ්කර කරමින් භූමිය හැකිලෙමින් පවතී.
මේ නිසා අනිවාර්යයෙන් ප්‍රායෝගික ප්රවේශයන් සමඟ ක්‍රියාකාරී සැලැස්මක් විකාශනය කළ යුතුය. එසේ නොවුවහොත් මිනිසුන් සහ අලි ඇතුන් යන දෙපාර්ශ්වයම දිගටම විනාශ වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart