Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දොරටියාව, පිළීකඩ ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ නිරත පොලිස් සැරයන්වරයකු ළඟ තිබූ තාවකාලික රියැදුරු බලපත්‍ර පොත උදුරාගෙන වෑන් රථයකින් පලායෑමට උත්සාහ කළේ යැයි කියන ව්‍යාපාරිකයකු දොරටියාව පොලිසිය පසුගිය 22වැනිදා අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර, අකුරණ පොලිස් වසමේ බටුකොටුව, පල්ලිය කොටුව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
දොරටියාව පොලිසියේ රථවාහන අංශයේ සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු පිළිකඩ ප්‍රදේශයේ පෙරේදා රථවාහන රාජකාරියේ නිරතව සිට ඇති අතර මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කරගෙන ආ වෑන් රථයක් නතර කර, එය පදවාගෙන ආ පුද්ගලයාගේ රියදුරු බල පත්‍රය පොලිස් භාරයට ගෙන, ඒ වෙනුවෙන් තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට පොලිස් සැරයන්වරයා කටයුතු කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඒ අවස්ථාවේ ඊට විරෝධය පා රියදුරා පොලිස් සැරයන්වරයා ළඟ තිබූ තාවකාලික රියදුරු බලපත්‍ර පොත උදුරාගෙන වෑන් රථයේ නැගී පළායෑමට උත්සාහ කළ බව කියන අවස්ථාවේ පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා වහා ක්‍රියාත්මක වී එම පුද්ගලයා මෙල්ලකර ගෙන අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිස් සැරයන්වරයාගෙන් උදුරා ගත් තාවකාලික රියදුරු බල පත්‍ර පොත ද පොලිස් භාරයට ගෙන ඇත.
වැන් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.
පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය පෑවේ යැයි කියමින් රියැදුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් පවසයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart