Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, රුසියාව සහ නවසීලන්තය ඇතුළු ලොව ප්‍රධාන රටවල් කිහිපයක් විසින් නිකුත් කරන ලද සංචාරක උපදේශන මාලාවක් හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අභියෝගවලට මුහුණ දෙමින් ඇත.
ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් නිකුත් කෙරුණු මෙම උපදේශන, සංචාරක ක්ෂේත්රය තුල භීතිය ඇති කර තිබේ.
පසුගිය සමයේ එම කර්මාන්තය මුහුණදුන් දුෂ්කරතාවන්ගෙ තවමත් යථාතත්ත්වයට පත්වෙමින් සිටින අතර, උපරිම සංචාරකයන් පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කරන සීත ඍතුව එළඹෙන විට මෙරට සංචාරක කර්මාන්තය සැළකිව යුතු පසුබෑමකට මුහුණදිය හැකිය.
“ඕනෑම සෘණාත්මක ප්‍රචාරයක් වෙනත් ඕනෑම කර්මාන්තයකට වඩා සංචාරක ව්‍යාපාරයට බලපානු ඇත.”අපි තවමත් සම්පූර්ණ බලපෑම නොදන්නා නමුත් අපගේ ප්‍රධාන අවධානය මෙය අනාගත ඉලක්ක වෙත බලපාන්නේ කෙසේද යන්නයි, ”ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ සභාපති නලින් ජයසුන්දර Mirror Business වෙත පවසා ඇත.
කෙසේවෙතත් සංචාරකයන්ගේ පූර්ව සංචාරක සැලසුම් අවලංගු කිරීම් තවමත් වාර්තා වී නොමැති නමුත්, ඒ සම්බන්ධයෙන් වන අවිනිශ්චිතතාව විශාල බව ඔහු පවසයි.
මෙම කනස්සල්ල පැමිණෙන්නේ පෙර එල්ල වූ අභියෝග සමනය කිරීම සඳහා ශීත ඍතුවේ දී සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළයෑමක් අපේක්ෂා කරමින් සංචාරක ක්ෂේත්රයේ නිරතවන්නන් කටයුතු කරමින් සිටි තීරණාත්මක අවස්ථාවකය.
කලාපීය තරඟකරුවන් හා සසඳන විට ශ්‍රී ලංකාවට පැමිණීම වඩාත් මිල අධික සහ අපහසුවීමට වීසා ක්‍රියාවලියේ අසාර්ථකත්වය වැනි කරුණු ද බලපෑවේය.
මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති එම්. ශාන්තිකුමාර්, සංචාරක උපදෙස් යාවත්කාලීන කිරීම මගින් එම කර්මාන්තයට සිදුවිය හැකි හානිය පැහැදිළි කර තිබේ.
“එය රටට අහිතකර වන අතර මේවා ලිහිල් කිරීමට තානාපති කාර්යාලවලට ඒත්තු ගැන්වීම ඉතා අපහසුයි. විශේෂයෙන්ම ඔවුන් තම පූර්ව ආරක්ෂක උපදෙස් විශ්වාසනීය තොරතුරු මත පදනම් වූ බව පවසන විට එය කොහොමත් අපහසුයි. සාමාන්‍යයෙන්, අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය එවැනි අනතුරු ඇඟවීම් නිකුත් කරන විට, අනෙකුත් යුරෝපීය රටවල් ඔවුන්ව අනුගමනය කිරීමට නැඹුරු වෙනවා ”ඔහු පැවැසීය.
“මේ පැහැදිලි කිරීම සඳහා ප්‍රකාශයක් නිකුත් කරන ලෙස අපි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටිනවා.”
අදාළ ප්‍රදේශවල තවමත් ‘කිසිදු භීතියක්’ නොමැති බවත් අවිධිමත් හෝටල් තවමත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන බවත් ශාන්තිකුමාර් පවසා ඇත.
සංචාරක කේන්ද්‍රස්ථානයක් වුවද, ආරුගම් බොක්ක ප්‍රදේශය අවිධිමත් සංචාරක ක්‍රියා බහුලයි, බොහෝදුරට ඒවා මෙහෙයවන්නේ සංචාරකයන් විසින්. බොහෝදුරට ඊශ්‍රායල් ජාතිකයන්. මෙම අවිධිමත් හෝටල් තවමත් ක්‍රියාත්මකයි. නමුත් තත්වය පාලනය කර නොමැති අතර වීසා බලපත්‍ර විධිමත් කරන ලෙස කර්මාන්තයේ නියැලී සිටින පිරිස් සිදුකරන ඉල්ලීම් නොසළකා හැර තියෙනවා,” ඔහු වැඩිදුරටත් පවසයි.
මේ අතර, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විදෙස් සංචාරකයන් සඳහා නිවේදනයක් නිකුත් කළේය.
එමගින් ශ්‍රී ලංකාව “ඉදිරි සංචාරක සමය තුළ සංචාරය කරන ලෙස ලොව පුරා සිටින සංචාරකයින්ට උණුසුම්ව ආරාධනා කරයි”. යනුවෙන් පවසයි.
“අපගේ දිවයිනේ සුන්දරත්වය ගවේෂණය කරන අතරම සංචාරකයන්ට ආරක්ෂිත සහ සුරක්ෂිත අත්දැකීමක් භුක්ති විඳිය හැකි බව අපි සහතික කරමු”යනුවෙන් එහි සඳහන් වේ.
දැනට ශ්‍රී ලංකාවේ සිටින සහ අනාගත සංචාර සැලසුම් කරන දෙපාර්ශවයටම පූර්ණ නිදහස පවතින අතර සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව එහි අවධාරණය කර ඇත.
“ඔවුන් රැඳී සිටින කාලය පුරාවටම ඉහළම මට්ටමේ ආරක්ෂාව පවත්වාගෙන යනු ලැබේ” යැයිද එහි සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart