Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංචාරක වීසා මත කාන්තාවන් හයදෙනකු රැකියා සඳහා ඩුබායි වෙත යැවීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනකු ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.
මාතර වෙලේගොඩ සහ මිහින්තලේ අශෝකපුර යන ප්රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන නොවැම්බර් 11 වැනිදා මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
නොවැම්බර් 11වැනි දින කාන්තාවන් හයදෙනකුගෙන් යුත් කණ්ඩායමක් සංචාරක වීසා මත ඩුබායි බලා යෑමට උත්සාහ කර ඇත.
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ ස්ථානගත කර ඇති ආරක්ෂිත සංක්රමණ ප්රවර්ධන ඒකකය සැකයක් මත අදාළ පිරිසගෙන් ප්රශ්න කර තිබේ.
පසුව එම කාන්තාවන් ගුවන් තොටුපළෙන් ඉවතට හරවා යවා ඇත.
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ද ගුවන් ගමන් බලපත්ර හයම අසාදු ලේඛනගත කළ අතර, එම තහනම ඉවත් කරන තෙක් පිරිසට විදේශගතවීම වළක්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart