December 4, 2024

ඇල්ල – කොළඹ සංචාරක දුම්රියේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යෑමේදී ඔහිය – ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතරදී දුම්රිය මාර්ගය ආසන්නයේ ඇති සංඥා කණුවක ගැටීමෙන් ඉරාන සංචාරකයකු තුවාල ලබා තිබේ.

මේ හේතුවෙන්, 37 හැවිරිදි සංචාරක කාන්තාව දුම්රියෙන් වැටී බරපතළ තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

පිරිසක් සමඟ නානුඔය ප්‍රදේශයට ගොස් ආපසු එමින් සිටි මෙම කාන්තාව දුම්රියේ පා පුවරුවේ එල්ලී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යෑමේදී අනතුරට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.

තුවාල ලැබූ සංචාරකයා එම දුම්රියේම නානුඔය දක්වා රැගෙන ගොස් ඇති අතර, එතැන් සිට ගිලන් රථයකින් ඇය රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

42.31%
17.27%
32.76%