Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2018 වසරේ සිට මේ දක්වා විදුලි සැර වැදීමෙන් අලි ඇතුන් 298 දෙනකු මරණයට පත්ව ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
වන සතුන්ගේ ගමනාගමනය සීමාකිරීමට හෝ වන අලි සහ අනෙකුත් වන සතුන් මැරීම සඳහාම ඉලක්ක කිරීමට අදහස් කරන ප්‍රමිතියෙන් තොර විදුලි වැට ඇතුළු විවිධ විදුලි බාධක සහ උගුල් සවිකිරීම මෙලෙස අලින්ගේ මරණයට හේතුවී තිබේ.
ඒ අනුව, 2023 දී අලි ඇතුන් 72 ක්, 2022 දී 50 ක්, 2021 දී 66 ක්, 2020 දී 31 ක්, 2019 දී 41 ක් සහ 2018 දී 38 ක් මිය ගොස් ඇති බව වාර්තා පෙන්වා දෙයි.
විදුලි සැර වැදීමෙන් සිදුවන අලි මරණ සඳහා බලපාන ප්‍රධාන සාධක අතර, අලි මිනිස් ගැටුම් බහුල ප්‍රදේශවල ප්‍රාදේශීය ප්‍රජාවන් විසින් ඉඩම් පරිහරණය කිරීම මෙන්ම පෞද්ගලික විදුලි වැටවල් වර්ධනය වීම ද ඇතුළත් ය.
2024 ජනවාරි 01 වැනිදා සිට මාර්තු 10 වැනිදා දක්වා සිදුකරන ලද හදිසි පරීක්‍ෂණවලදී, වනජීවී නිලධාරීන් විසින් පෞද්ගලික විදුලි වැටවල් 2,009 ක් සොයාගෙන ඇති අතර, ඉන් 583 ක් (29.02%) දෝෂ සහිත බව අනාවරණයවී තිබේ.
දෝෂ සහිත විදුලි වැටවල්වල අයිතිකරුවන්ට ඒවායේ භාවිතය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැති බවද සොයාගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart