Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රිලවුන් ලක්ෂයක් චීනයේ සත්වෝද්‍යාන වෙත යැවීමේ මූලික වැඩපිළිවෙල පරිසර සංවිධාන විසින් ගොනුකර ඇති නඩු හේතුවෙන් අඩාල වූ බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි.
අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ ගොවීන් වෙත වායු රයිෆල් බෙදා දෙන අවස්ථාවට එක වෙමින් ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ, වගා හානි වැඩි වශයෙන් සිදු වන්නේ රිලවුන්ගෙන් බවයි.
කෙසේවෙතත් වන සතුන්ගෙන් සිදුවන වගා හානි වැළැක්වීම සඳහා මෙම පරිසර සංවිධාන ඉදිරිපත් කර ඇති යෝජනා කිසිසේත්ම ප්‍රායෝගික නොවන බවට ඔහු චෝදනා කරයි.
පරිසර සංවිධානවල යෝජනා වී ඇත්තේ, වගාවන් වටා සාරි එල්ලීම, පොල් ගස්වල තහඩු ගැටගැසීම වැනි අදහස් බවත්, එම වගාවලින් අක්කර භාගයක් වන සතුන් සඳහා වෙන්කළ යුතු බවත්, ඇමැතිවරයා පවසයි.
කෙසේ වෙතත් ඉදිරියේදී ආහාර අර්බුදයක් ඇතිවීමේ අවදානමක් පවතින බැවින් වන සතුන් විසින් වගා කරන ලද භෝග විනාශ කිරීම බරපතල අර්බුදයක් නිර්මාණය කර ඇති බව ඇමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart