April 28, 2025

ආන්දෝලනාත්මක කාබනික පොහොර ආනයන ගනුදෙනුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු ඌව පළාත් ප්‍රධාන ලේකම් සහ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව මැයි මස 05 වනදා දක්වායි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

මහේෂ් ගම්මන්පිල කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර ආනයනය කිරීමට පහසුකම් සැලසීම සඳහා අත්හිටුවා තිබූ ණයවර ලිපි යළි විවෘත කිරීමට උපදෙස් දුන් බවට එල්ල වන චෝදනාවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.