42.31%
17.27%
32.76%
September 23, 2024

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ප්‍රශ්න පත්‍රය පිටවීම ඇතුළු විභාගයට අදාළව සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවැත්විණි.

සිසුන් 323,879 දෙනෙකු විභාගයට පෙනී සිට තිබිණි.

කෙසේවෙතත් ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ඇතැම් ප්‍රශ්නවලට සමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රායෝගික ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරියක විසින් විභාගයට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබු බවට වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් කරන ලද පැමිණිලි අනුව විභාග දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළේය.

ඒ අනුව ප්‍රශ්න පත්‍රය සකස් කළ විද්වත් මණ්ඩලයේ එකඟතාව මත අදාළ ප්‍රශ්න 03 ඉවත් කර අවසන් ලකුණු ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කළේය.

42.31%
17.27%
32.76%