Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැඩි ආරක්ෂාව වෙනුවෙන් තාත්තා විසින් නිවෙසින් පිටත තබන ලද රුපියල් ලක්ෂ 16කට ආසන්න වටිනාකමක් ඇති රන් බඩු හා මුදල් සොරකම් කළ පුතා හා අනාගත මාමණ්ඩිය (පෙම්වතියගේ පියා) මේ මස 20 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගල්ගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.එම්. රවින්ද්‍ර රංජන් බණ්ඩාර පෙරේදා (6) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ඇහැටුවැව, හිද්දෑව, දෙවට පාර ලිපිනයේ පදිංචි 23 හැවිරිදි අවිවාහක තරුණයකු හා ඔහු විවාහවීමට සූදානම්ව සිටින මීගලෑව, කත්නෝරුව, වේදිනිගම පදිංචි පෙම්වතියගේ පියා යන දෙදෙනාය. මේ තරුණයා පැමිණිලිකරුගේ පුතා වන අතර, ඔහු බාල අපරාධ තුනකට සම්බන්ධව මීට පෙර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ඇති අයෙකි. ඔහු වසර පහකට අත්හිටුවූ සිරදඬුවම් ලබා සිටින අයකු බවද පොලිසිය සඳහන් කරයි. මේ තත්ත්වයන් මත පියා නිතර පුතා ගැන සැකයෙන් පසු වේ. ඒ නිසා ඔහු සතුව ඇති මුදල් හා රන් බඩු කොට්ටය මත තබා නිදාගන්නා බවත්, පිටතට යන විට රැගෙන යන බවත් පියා කරන ලද පැමිණිල්ලේ සඳහන් බවත් පොලිසිය කියයි.
ඒ අනුව පියා ඉකුත් 4වැනිදා තමාට අයත් බුලත් කොටුවකට ගොස් ඇත්තේ නිවෙසේ තිබුණු ලක්ෂ 16කට ආසන්න රන් බඩු හා මුදල්ද රැගෙනය. ඒ සියල්ල වගා බිමේ නවතා තැබූ කැබ් රියේ කැබින් එක මත තබා දොර ජනෙල් ආරක්ෂිතව වසා ඔහු වත්තේ සිටින අතරවාරයේ ගලකින් ගසා කැබ් රියේ වීදුරුව බිඳ, අගුළු විවෘත කොට රන් බඩු හා මුදල් තම පුතා සොරාගත් බවට හිමිකරු පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
එදා සිට පුතු නිවෙසින් අතුරුදන්ය. කෙසේවෙතත් 5 වැනිදා ඔහු අනාගත මාමණ්ඩිය සමඟ යතුරුපැදියක නැඟී රන්බඩු උකස් කරන්න යන බවට ලද තොරතුරු මත මීගලෑව රාජ්‍ය බැංකුවක් අසලදී දෙදෙනාම බඩුත් සමග කොටු කරගැනීමට පොලිසිය සමත් වී ඇත. සොරාගත් රුපියල් 58,000ක පමණ මුදලින් රුපියල් 500කට අඩු මුදලක් හැරෙන්නට ඉතිරි ඒවා වියදම් කර, අලුතින් ස්මාර්ට් ජංගම දුරකතනයක්, පවර් බෑන්ක් දෙකක් හා ගමන් බෑගයක් තමාට හා පෙම්වතියට මිල දී ගෙන තිබේ. සොරාගත් සියලු රන් බඩු උකස් කිරීමට පෙර පොලිස් භාරයට ගෙන ඇත. ඒ අතර රන් මාල 3ක්, මුදු 4ක්, පෙන්ඩන් 3ක්, බ්‍රේස්ලට් එකක් හා කරාබු ජෝඩු 2ක් තිබූ බව පොලිසිය පවසයි.
සොර බඩු උකස් කරන්නට පැදවූ යතුරුපැදියද අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණයට ඉදිරිපත් කරන ලද සියලු රන් බඩු අනන්‍යතාව සනාථ කළ පසු හිමිකරුට භාරදීමටද මෙහිදී මහෙස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart