51.99%
17.7%
23.19%
August 27, 2024

කඳුකරයේ පසුගියදා පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිවලදී කෘත්‍රිම ලෙස සැකසූ බෝතල් රා බෙදා හැරීමේ සිද්ධීන් දෙක සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මැතිවරණ කොමිසමේ මැදිහත්වීම අපේක්ෂා කරන බව වාර්තා වේ.

මෙම සිද්ධිය අනාවරණ කරගත් මැතිවරණ නිරීක්ෂකයන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලා සිටියේ වතුකරයේ කම්කරුවන් අතර බෙදාදුන් බව කියන රා ගුණාත්මක බවින් අඩු බව හෙළිවී ඇති බැවින් ඒ පිළිබඳ කඩිනමින් සොයා බලන ලෙසයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය කියා සිටියේ බෙදා හරින ලද රාවල කෘත්‍රිම සහ මිනිස් සෞඛ්‍යයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු බවට විශ්වසනීය තොරතුරු තමන් සතුව ඇති බවයි.

ඔවුන් මේ පිළිබඳ සොයා බලන බවත් ප්‍රචාරක රැස්වීම්වලදී ලබා දෙන ද්‍රව්‍යවල සෞඛ්‍ය අනතුරු පිළිබඳ රජයේ රස පරීක්ෂක වාර්තාවක් පවා ලබා ගන්නා බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂකයන්ගෙන් ඇතුළු පැමිණිලි රැසක් ලැබී ඇති බැවින් රජයේ බලධාරීන් මේ පිළිබඳ සොයා බැලිය යුතු බවද ඔහු පැවසීය.

 

51.99%
17.7%
23.19%