December 19, 2023

IPL 2024 තරඟාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසිය ඩුබායිහිදිි අද පස්වරු 01 ආරම්භ වීමට නියමිතය.

ඉන්දීය ක්‍රීඩකයන් 214 ක් සහ විදෙස් ක්‍රීඩකයන් 119 දෙනකු එම වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරේ.

ඒ සදහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 08 දෙනකුද ඉදිරිපත් කෙරෙන අතර IPL තරගාවලියට
සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය කොන්දේසි සහිත ඔවුන්ට අනුමැතිය ලබා දී ඇත.

වනිදු හසරංග,කුසල් මෙන්ඩිස්,දුෂ්මන්ත චමීර,ඩිලෂාන් මධුශංක, දසුන් ශානක,චරිත් අසලංක, ලහිරු කුමාර සහ නුවන් තුෂාර (පොඩි මාලි) මාර්තු 22 වැනිදා සිට ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ වෙන්දේසියට අද ඉදිරිපත් කෙරේ.

ලබන වසරේ මාර්තු බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා එක් නොවන මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග, මතීෂ පතිරණ, සහ දුෂ්මන්ත චමීර IPL තරගාවලියේ සම්පූර්ණ කාලය සඳහා සහභාගි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය IPL සංවිධායකයන්ට දන්වා ඇත.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 10ත් 14ත් අතර මුදලකට වෙන්දේසි වන බවට ඉන්දීය සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් අනාවැකි පළකර තිබේ.

එමෙන් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක ඉහළ මිලකට අලෙවි වනු ඇතැයි ඉන්දීය විචාරක ආකාශ් චොප්රා විශ්වාස සිය විශ්වාසය පළකළ බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර ඇත.

මෙවර වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන ලාබලතම ක්‍රීඩකයා වන්නේ දකුණු අප්‍රිකාවේ 17 හැවිරිදි ක්වේනා මෆකා වන අතර, වයස්ගතම ක්‍රීඩකයා වන්නේ ඇෆ්ගනිස්තානයේ 38 හැවරිදි මොහොමඩ් නබීය.