October 17, 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග චීන සංචාරයට එක්ව ඇති කණ්ඩායම නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැති නමුත් දේශපාලකයන් කිහිපදෙනෙක් සහ ජනපතිගේ උපදේශකයන් කිහිපදෙනකු එහි සිටින බව අනාවරණය වේ.

වාර්තා වන ආකාරයට විදේශ ඇමැති අලි සබ්‍රි, ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන, ජනාධිපති උපදේශක සාගල රත්නායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි ජනාධිපතිවරයා සමග චීන සංචාරයේ යෙදෙන පිරිස අතර වෙති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ බීජිං නුවරදී චීන ආයෝජකයන් ඇමතීය.

මෙහි දැක්වෙන්නේ අදාළ පිරිස ජනාධිපතිවරයා සමග එම සමුළුවට එක්ව සිටි ආකාරයයි.

42.31%
17.27%
32.76%