42.31%
17.27%
32.76%
October 2, 2023

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීම සඳහා ස්කොට්ලන්ඩ් යාර්ඩ් හි සහාය ලබාගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය වසරේ ප්‍රකාශ කළද, එවැනි ඉල්ලීමක් ස්කොට්ලන්ඩ්යාඩ් වෙත ලැබී නොමැති බව බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

එවැනි ඉල්ලීමක් කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හරහා දැනුම් දිය යුතු බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත්, එවැනි විධිමත් සන්නිවේදනයක් තවම ලැබී නොමැති බව වාර්තා වේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබුණේ, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා සමාලෝචනය කර බෝම්බ ප්‍රහාරයේ සැඟවුණු හස්තයක් තිබේදැයි සොයා බැලීම සඳහා ස්කොට්ලන්ඩ්යාඩ්හි සහාය ලබාගත් බවයි.

පසුගිය වසරේ කොළඹට පැමිණි එක්සත් ජාතීන්ගේ ආධාර වැඩසටහනේ පරිපාලක සමන්තා පවර් සමඟ පැවති හමුවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළකර ඇත.

හෝටල් තුනක් සහ පල්ලි තුනක් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාර එල්ල වූ අතර, ඉන් පුද්ගලයන් 267 දෙනෙක් මියගොස් 500ක් පමණ තුවාල ලැබූහ.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අටදෙනාම බෝම්බ ප්‍රහාරවලින් මියගියේය.

බෝම්බ ප්‍රහාරයට දේශීය ත්‍රස්තවාදී කණ්ඩායමක් සම්බන්ධ වූ නමුත්, ඒ පිටුපස සැඟවුණු හස්තයක් සම්බන්ධ බවට චෝදනා එල්ලවී තිබේ.

42.31%
17.27%
32.76%