October 24, 2023

මෙරට මත්පැන් නිෂ්පාදකයන් විසින් ගෙවීමට ඇති වසර 10ක හිඟ බදු ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර ගෙවිය යුතු බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ, ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර වසර 10ට අදාළ හිඟ බදු ගෙවන ලෙසට වන අවසන් නිවේදනය සියලුම නිෂ්පාදකයන්ට නිකුත් කර ඇති බවයි.

මධ්‍යසාර සමාගම්වලට දිගින්දිගටම බදු සහන ලබාදෙන බවට විපක්ෂ නායකවරයා කළ චෝදනාවකට පිළිතුරු ලෙස රාජ්‍ය ඇමැතිවරයා මෙම නිවේදනය නිකුත්කර තිබේ.

එම නියෝගයට අවනත නොවන කිසිදු පාර්ශ්වයකට බදු සහන ලබාදීමට අමාත්‍යංශයට අදහසක් නොමැති බවද ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ.

42.31%
17.27%
32.76%