January 18, 2024

දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා තෝරාගැනිම සදහා වන ඡන්ද විමසිම ජනවාරි 21 වැනිදා පැවැත්වීමට නියමිතය.

එම ඡන්ද විමසීම ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිත අතර එහිදී නව නායකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පත්කර ගැනිම කෙරෙහි සන්ධානයේ බහුතරයකගේ කැමැත්ත පවතින බවට තොරතුරු අනාවරණය වේ.

දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය සදහා එම පක්ෂයේ තිදෙනකු ඉදිරිපත් වී ඇති අතර, ඒ අතුරින් සුමන්දිරන් වෙත බහුතර ප්‍රසාදය හිමිව ඇතැයි පැවැසේ.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මේ වනවිට වයස්ගතව සිටින බැවින් සන්ධානයට නව නායකත්වයක් තෝරා පත්කර ගැනිමට නියමිතව ඇත.

42.31%
17.27%
32.76%