Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිරිසක් ගිය සතියේ වරායේ සංචාරයක නිරතවීම දේශපාලන කරළිය ගිනියම් කළේය. එළියේ දේශපාලන වේදිකාවල පමණක් නොව පාර්ලිමේන්තුවේද මේ සම්බන්ධයෙන් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
මෙම වරාය සංචාරය පිළිබඳව තවත් තොරතුරු ප්‍රමාණයක් ‘ඉරිදා ලංකාදීප, පුවත්පතේ දේශපාලන ඕපාදූප තීරයේ පළකර ඇත්තේ මේ ආකරයෙනි.
“වරාය වෘත්තීය සමිති මෙන්ම විපක්ෂයේ කණ්ඩායම් චෝදනා කළේ රට අමාරුවේ වැටී තිබියදී මැති ඇමතිවරුන් ආණ්ඩුවේ සල්ලිවලින් පාටි දමන බවය.
මෙම සංචාරය සූදානම් කළ වරාය රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර කියන්නේ මෙය වරායේ සාදයක් පැවැත්වීමක් නොව, මැති ඇමැතිවරුන් නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වූ බවය. මේ සඳහා වියදම් වූ මුදල් තමා පෞද්ගලිකව වැයකළ බව ජයසේකර කීවේය.
කෙසේ හෝ එදින රාත්‍රියේ මන්ත්‍රීවරුන්ගේ සංචාරය සිදුවූයේ වරායේ යාත්‍රාවකිනි. රාත්‍රී කෑම බීම ද සූදානම් කර තිබූ අතර, පොඩි පහේ සාදයක්ද පැවැත්විණ. සමහර මන්ත්‍රීවරුන් සිංදු කී අතර සමහර මන්ත්‍රීවරු ඊට රංගනයෙන්ද දායක වූහ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, තිස්ස කුට්ටිආරච්චි, මිලාන් ජයතිලක, සනත් නිශාන්ත ඇතුළු මැති ඇමැතිවරු ඊට සහභාගි වූහ.
මහින්දානන්ද අලුත්ගමගේ, මිලාන් ජයතිලක, තිස්ස කුට්ටිආරච්චි ඇතුළු කිහිප දෙනකු ගීතයෙන් රසවත් කළ අතර, තුන් හතර දෙනකුගේ සංගීත කණ්ඩායමකින් ඊට සංගීතය සැපයිණ. නිවේදන කටයුතු කළේ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාය.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart