October 29, 2024

රුපියල් මිලියන 10ක කොන්ත්‍රාත්තුවක් මත කාන්තාවක් ඝාතනය කිරීමට සූදානම් වූ බවට සැකකෙරෙන පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් හබරාදූව ප්‍රදේශයේ සිදුකළ වැටළීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සහ පතරොම් 06 ක් තිබී සොයාගෙන ඇත.

සැකකරු ආයුධ සන්නද්ධව කාන්තාවට වෙඩිතැබීමට අවස්ථාවක් පැමිණෙනතුරු බලාසිට ඇති බව විමර්ශනවලදී හෙළි වූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි වියේ පසුවන ජී.ඩබ්ලිව්.ඒ. ටිරාන් සඳරුවන් නමැති හබරාදූව මීපේ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද පොලීසිය සඳහන් කරයි.

සැකකරු ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

42.31%
17.27%
32.76%