Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම වාහනය පදවාගෙන යමින් සිටියදී පුද්ගලයකු අනතුරට ලක්වීමෙන් පසු, තමා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සහාය පැතූ බවට කෙරෙන ප්‍රකාශයන් කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන ඒකකයේ සාමාජික සිරිල් ගාමිණී පියතුමා ප්‍රතික්ෂේප කරති.
තමා එලෙස උපකාර ඉල්ලුවේ යැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සිදුකර ඇති ප්‍රකාශයන් සම්පුර්ණයෙන්ම අසත්‍ය බව පියතුමෝ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසති.
පහතින් දැක්වෙන්නේ එතුමන් තබා ඇති ෆේස්බුක් සටහනයි.
“සිරිල් ගාමිණී පියතුමන් ඇප ගත්තේ දේශබන්දුට කෝල් කරලා” යැයි පොලිසිය බාර ඇමති ටිරාන් අලස් මහත්මා කළ ප්‍රකාශයක් ඊයේ (දෙසැම්බර් 21) මාධ්‍ය වාර්තා කර තිබුණා. එම ප්‍රකාශය මගින් ටිරාන් ඇමතිවරයා අප පිළිබඳව ඉතාම වැරදි මතයක් සමාජය තුළ ගොඩ නැගීමට උත්සාහයක් ගන්නා නිසා ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කළ යුතුයි.
2023 පෙබරවාරි 01 දින සවස මා පදවාගෙන ගිය මෝටර් රථය යතුරු පැදියක ගැටීමෙන් එම යතුරු පැදිය පදවාගෙන පැමිණි පුද්ගලයාට තුවාල සිදුවිය. ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුලු කිරීමෙන් අනතුරුව රෝහල් පොලිසියේ උපදෙස් අනුව කොටහේන පොලිස් ස්ථානයට ගොස් කට උත්තරයක් ලබාදුනිමි. මගේ මෝටර් රථය පොලිසිය භාරයට ගත්තේය. කොටහේන පොලිසියේ රථවාහන අංශය බාර ස්ථානාධිපතිවරයා ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළේය. මා ඒ මොහොතේ ප්‍රකාශ කළේ නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. පසුදින වනතුරු මා කොටහේන පොලිසියේ රදවා තබා ගැනිණි. ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහත්මා ද අප සමග සිටියේය. අප සූදානම්ව සිටියේ පසුදින උදෑසන උසාවියට යාමටයි. මේ පිළිබඳව මැදිහත් වීමට බොහෝ හිතවතුන් දුරකථනයෙන් මා අමතා විමසා සිටි මුත් ඒ සැම දෙනාටම මා කීවේ නීතියට පිටින් කිසිවක් කිරීම අනවශ්‍ය බවයි.
එදින උදෑසන කොටහේන පොලිසිය බාර ස්ථානාධිපතිවරයා කියා සිටියේ තුවාල වූ පාර්ශ්වය සමග සමථයකට පත්විය හැකි බවයි. ඒ අනුව ඔවුන් ඉල්ලා සිටි අලාභය ගෙවා දෙපාර්ශවයම නිත්‍යානුකූල ගිව්සුමකට අත්සන් තබා සමථයකට පත්විණි. අති උතූම් කාදිනල් හිමිපාණන් කිසිම පුද්ගලයකුගෙන් මා බේරා ගැනීම සදහා කිසිම අයකුගේ මාර්ගයෙන් උදව් නොපතූ බව මම ස්ථිර වශයෙන්ම දනිමි. උන්වහන්සේ මේ පිළිබඳව දැනගත්තේ සියලු දේ නිමා වීමෙන් අනතුරුව ය. එහෙයින් ටිරාන් අලස් ඇමතිවරයා කියන්නේ අමූලික බොරුවකි.
එසේම මා ද මෙහි ලා කිසිදු පුද්ගලයකුගෙන් උදව් නො ඉල්ලුවෙමි. දේශබන්දු තෙන්නකෝන් මහත්මා හට මේ සම්බන්ධයෙන් කිසිදු ඇමතුමක් නොගත්තෙමි. මම දේශබන්දු තෙන්නකෝන් මහත්මාට පසු දා දුරකථන ඇමතුමක් දී ස්තූති කළ බව ටිරාන් අලස් ඇමතිවරයා කර ඇති ප්‍රකාශය ද ගල් පැලෙන බොරුවකි. මා මේ වනතුරු දේශබන්දු තෙන්නකෝන් මහත්මා සමග කිසි දිනෙක දුරකථනයෙන් කතා කර නැත.
ටිරාන් අලස් වැනි මහා බොරුකාරයකු මේ රටේ පොලිසිය බාර ඇමතිවරයා ලෙස සිටීම පිළිබඳව මේ රටේ පුරවැසියකු ලෙස ලැජ්ජාවට පත්වෙමි.
සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart