Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකාවේ සිටින TikTok යෙදවුම පරිශීලකයන් RedNote නම් වෙනත් චීන යෙදුමක් වෙත යොමුවෙමින් සිටින බව වාර්තා වේ.
ඒ, බයිඩ්න් පරිපාලනය විසින් තවත් දින කිහිපයකින් බලාත්මක කිරීමට නියමිත TikTok යෙදවුමට එරෙහි නව නීතිය සහ එහි ප්‍රතිපලය ලෙස අමෙරිකාව තුළ TikTok තහනම් කිරීමේ අවදානමක් මතුව ඇති පසුබිමක් තුළය.
එම පරිශීලකයන් කණ්ඩායම විසින්ම ඔවුන්ව ‘TikTok සරණාගතයන්’ ලෙස හඳුන්වා ගනිමින් සිටින අතර, ඔවුන්ගේ මෙම යෙදවුම් බාගත කිරීම හේතුවෙන් ඊයේ වන විට අමෙරිකාව තුළ Apple දුරකථනවල US App Store හි වැඩිවශයෙන් බාගත කළ යෙදුම බවට RedNote පත්ව තිබේ.
RedNote යනු චීනය, තායිවානය සහ අනෙකුත් මැන්ඩරින් භාෂාව කතා කරන ජනතාව අතර ජනප්‍රිය යෙදුමක් වන අතර එය TikTok යෙදුමේ තරඟකාරී යෙදුමක් වශයෙන් සැලකෙයි.
මාසිකව RedNote පරිශීලකයන් මිලියන 300ක් පමණ සිටින අතර එය TikTok සහ Instagram හි එකතුවක් ලෙස පෙනේ.
RedNote භාවිත කරන්නන්ට, වැඩි වශයෙන් නාගරික කාන්තාවන්ට, ආදරයේ සිට විලාසිතා දක්වා ජීවන රටා හුවමාරු කරගැනීමට ඉඩ සලසයි.
ලබන 19 වැනිදා සිට බලපැවැත්වීමට නියමිත බයිඩ්න් පරිපාලනයේ නව නීතියට අනුව අමෙරිකාව තුළ TikTok චීන නොවන සමාගමකට මෙහෙයුම් පැවරිය යුතු අතර, එසේ නොවන්නේ නම් TikTok රට තුළ තහනම් කෙරෙනු ඇත.
TikTok අයත් චීනයේ ByteDance සමාගම පවසන්නේ සිය ව්‍යාපාරය අමෙරිකාව තුළ අලෙවි නොකරන බවයි.
TikTok වෙනුවෙන් පෙනීසිටින නීතිවේදීන් අනතුරු අඟවා ඇත්තේ, මෙම තහනමෙන් අමෙරිකාවේ සිටින TikTok පරිශීලකයන් මිලියන 170 කගේ පමණ නිදහස් භාෂණයේ අයිතිය උල්ලංඝනය කරන බවයි.
මේ අතර, RedNote සිය නව පරිශීලකයන් දෑත් දිගු කර පිළිගෙන ඇත.
එහෙත් TikTok මෙන්ම, චීන රජය විවේචනය කිරීමේදී RedNote සඳහාද වාරණය කිරීම් පිළිබඳ වාර්තා තිබේ.
චීන මෘදුකාංගවල ආරක්‍ෂක අවදානම් හේතුවෙන් තායිවානයේ රජයේ නිලධාරීන් RedNote භාවිත කිරීම සීමාකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart