September 26, 2023

එක්සත් ජනපදයේ TikTok ආයතනයේ සේවකයන්ට පසුගියදා හඳුන්වාදුන් කාර්යාලයට පැමිණීම නිරීක්ෂණය කිරීම සඳහා වූ මෙවලමක් හේතුවෙන් ගැටලුකාරී තත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ.

චීන සමාගමක් වන ByteDance සතු TikTok හි සේවකයන්ට MyRTO නම් යෙදුමක් සහිත නව මෙවලම ගැන මේ සතියේ දැනුම්දීම් කර තිබේ.

සමාගමේ අභ්‍යන්තර මෘදුකාංගයට සම්බන්ධ කරමින් ගොඩනගා ඇති මෙම යෙදුම හරහා සේවයකයන් කාර්යාලයේ සිටීමට අදහස් කරන දිනවල නොපැමිණීම පැහැදිලි කරන ලෙස සේවකයින්ගෙන් ඉල්ලා සිටී.

මෙම යෙදුමට ක්‍රියාත්මක වීමේදී දත්ත සහිත උපකරණ පුවරුවක් සේවකයන්ට, ඔවුන්ගේ අධීක්ෂකවරුන්ට සහ මානව සම්පත් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට දෘශ්‍යමාන වේ.

TikTok හි සිටින, දළ වශයෙන් 7,000 පමණ වන එක්සත් ජනපද සේවකයන්ගෙන් බොහෝදෙනෙකුට ඔක්තෝබර් මාසයේ සිට සතියකට තුන් වතාවක් කාර්යාලවල වැඩ කිරීමට අවශ්‍ය වේ.

කොවිඩ් වසංගතයෙන් අනතුරුව බොහෝ තාක්ෂණික සමාගම් සිය සේවකයන්ට නිවසේ සිට වැඩකිරීමට අවස්ථාව ලබාදී ඇති අතර, TikTok විසින් මෙලෙස හදිසියේ පෞද්ගලිකත්වය පවා අභියෝගයට ලක්කරමින් හඳුන්වාදී ඇති නව යෙදුම සහිත මෙවලම සේවකයන්ගේ අප්‍රසාදයට හේතුවී ඇත.

සමහර කණ්ඩායම්වලට සතියකට දින පහක් පැමිණිය යුතු වේ.

එසේ නොපැමිණෙන සේවකයන් මෙම නව මෙවලම මගින් නිරික්ෂණයට ලක්කර, නොපමිනිමට හේතු විමසනු ලැබේ.

TikTok සමාගම පවසා ඇත්තේ, මෙම මෙවලම සේවකයන් සේවයට වාර්තා කිරීම උනන්දු කරවන්නක් බවය.