April 19, 2025

කුෂ් ගංජා කිලෝග්‍රෑම් පහකට අධික ප්‍රමාණයක් සමඟ බැංකොක් සිට පැමිණි කාන්තාවන් තිදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරියන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

මෙහෙයුමේදී සැකකරුවන් සන්තකයේ තිබී කුෂ් ගංජා කිලෝග්‍රෑම් 5 යි ග්‍රෑම් 248 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් කාන්තාවන් වයස අවුරුදු 25, 48 සහ 50 යන වයස්වල පසුවන මාලිගාවත්ත සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පැවසේ.

මේ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.