Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යෝජිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත සහ විකාශන නියාමන කොමිෂන් සභා කෙටුම්පත් ලියවිල්ල සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් තිදෙනකු කනස්සල්ල පළ කර තිබේ.
අදහස් ප්‍රකාශ කිරීමේ සහ ප්‍රකාශනයේ නිදහස ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අයිරීන් ඛාන් , සාමකාමීව රැස්වීමේ නිදහස සහ කටයුතු කිරීමේ අයිතිවාසිකම් පිළිබඳ විශේෂ නියෝජිත ක්ලෙමන්ට් වූල් සහ පෞද්ගලිකත්වය සඳහා ඇති අයිතිය පිළිබඳ විශේෂ නියෝජිත ඇනා බ්‍රයන් මෙලෙස ඔවුන්ගේ කනස්සල්ල ශ්‍රී ලංකා රජයට ප්‍රකාශ කර ඇත.
ඔන්ලයින් ආරක්ෂණ පනත සහ විකාශන නියාමන කොමිෂන් සභා පනත අන්තර්ජාතික නීතියේ සහ ප්‍රමිතීන්ගේ අවශ්‍යතා සපුරාලන්නේ නැති බව ඔවුහු සටහන් කරති.
එය දැනටමත් ශ්‍රී ලංකාව එකඟවී ඇති මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ මගින් ආරක්ෂා කර ඇති පරිදි පෞද්ගලිකත්වය, මතයේ සහ ප්‍රකාශනයේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ සහ ඇසුරේ නිදහස සඳහා වන අයිතිවාසිකම් සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය(ICCPR) උල්ලංඝනය විය හැකි බව ඔවුහු පෙන්වාදෙති.
ඔන්ලයින් ආරක්ෂණ පනතේ කරුණු අනුව, බොහෝ විධිවිධාන අපැහැදිලි සහ ඕනෑවට වඩා පුළුල් ලෙස පෙනෙන බැවින් ICCPRහි අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් විය හැකි බව ඔවුහු පැවසූහ.
යෝජිත නීතිය මගින් අන්තර්ජාල ප්‍රකාශනයේ විෂය පථය දැඩි ලෙස සීමා කළහැකි අතර රජය විවේචනය කළ හැකි ඕනෑම පුද්ගලයකුට, විශේෂයෙන් මාධ්‍යවේදීන්, මානව හිමිකම් ආරක්ෂකයන් සහ සිවිල් සමාජ සංවිධානවලට විශාල බාධක සහ තර්ජන එල්ල වියහැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ඉතා පුළුල් පරාසයක පුද්ගලයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට දැඩි අහිතකර බලපෑම් ඇති කරමින්, ශ්‍රී ලංකාවේ සහ ඩයස්පෝරාවේ වෙසෙන ජනතාව වෙත මෙම පනත යොමු කර ඇති බව පෙන්නේයැයි ද එම නිවේදනයේ සඳහන් කර ඇත.
යෝජිත විකාශන නියාමන කොමිෂන් සභා පනත සම්බන්ධයෙන්, විශේෂ නියෝජිතයන් කියාසිටියේ, කොමිසමේ පත්කිරීමේ ක්‍රියාවලිය එහි වත්මන් ආකෘතියෙන් ක්‍රියාත්මක කළහොත් ආණ්ඩුව හිතකර දැක්මක් නොමැති මාධ්‍ය ආයතනවලට දඩුවම් කිරීමට සහ/හෝ බලපත්‍ර ප්‍රතික්ෂේප කිරීමට විධායකයට හැකියාව ලැබෙන බවයි.
අධීක්ෂණ යාන්ත්‍රණය කිසිදු පීඩනයකින් හෝ දේශපාලන බැඳීමකින් තොරව ස්වාධීන ආයතනයක් වීම අත්‍යවශ්‍ය බව ඔවුහු අවධාරණය කළහ.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීම සඳහා අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව රාජ්‍යයන් මාධ්‍ය නිදහසට ගරු කළ යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මාධ්‍ය අන්තර්ගතය බෙදා හැරීමට සහ මාධ්‍ය කෙරෙහි නියාමන බලතල ක්‍රියාත්මක කරන ආයතනවල ස්වාධීනත්වය සහතික කිරීම සඳහා භාවිත කරන පුවත්පත් මුද්‍රණය, ගුවන්විදුලි සංඛ්‍යාත හෝ යටිතල පහසුකම් පිළිබඳ පාලනයන් අනිසි ලෙස භාවිත කිරීම වැනි වක්‍ර වාරණයන්හි යෙදීමෙන් වැළකී සිටීමට රාජ්‍යයන්ට බැඳීමක් ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
විශේෂ වාර්තාකරුවන් විසින් යෝජිත ඔන්ලයින් ආරක්ෂණ පනත සහ විකාශන නියාමන කොමිෂන් සභා පනත යන දෙකෙහිම ප්‍රධාන අංගයන් ඉවත් කර ගැනීම, මහජන උපදේශනය සහ සැලකිය යුතු සමාලෝචනයක් දිරිමත් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart