April 16, 2025

අප්‍රේල් 18 වනදා ආරම්භ වීමට නියමිත විශේෂ දළදා ප්‍රදර්ශනයට සුදානම් කෙරෙන විශේෂිත ප්‍රවේශ මාර්ග තුනක් හඳුන්වා දෙන බව මහනුවර ශ්‍රී දළදා මාළිගාව නිවේදනය කරයි.

ඒ අනුව අලුතින් නම්කරන ලද මාර්ග පහත පරිදි වේ:

1. ඩී.එස්.සේනානායක වීදියේ (ත්‍රිකුණාමල වීදිය) සිට ශ්‍රී දළදා මාළිගාවට දක්වා එක් පෝලිමක් පවතී.

2. ‘රතු බෝක්කුව’ ලෙස හැඳින්වෙන රතු පාලම ප්‍රදේශයෙන්,
මහනුවර වැව රවුම (සංඝරාජ මාවත) හරහා ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන දොරටුව දක්වා.

3. ‘රතු බෝක්කුව’ පැත්තේ සිට මහනුවර රජ මාළිගා සංකීර්ණය හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන දොරටුව දක්වා.

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ විශේෂ දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 වැනිදා ආරම්භ වන අතර පස්වරු 3.00 සිට සිදු පස්වරු 5:30 දක්වා සැදැහැවතුන්ට ඒ සඳහා අවස්ථාව හිමිවේ.

ඉන්පසුව දිනපතා දහවල් 12:00 සිට පස්වරු 5:30 දක්වා දින දහයක් අඛණ්ඩව විශේෂ දළදා ප්‍රදර්ශනය පැවැත්වේ.