
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍ය භාවිත කරන බවට සැකයට ලක්වූ පොලිස් නිලධාරීන් තිදෙනෙක් වෛද්‍ය පරීක්ෂණය සඳහා නාරාහේන්පිට පොලිස් රෝහලට යැවීමට ත්‍රිකුණාමල දුම්රිය ස්ථානය වෙත රැගෙන ආ අවස්ථාවේදී ඔවුන් තිදෙනා පළාගොස් ඇත.
ත්‍රිකුණාමල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් සහ උප්පුවේලි පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක් මෙසේ පළාගොස් තිබේ.
මෙම නිලධාරීන් තිදෙනා මත්ද්‍රව්‍ය භාවිත කරන බවට බුද්ධි අංශ විසින් ඉහළ පොලිස් නිලධාරීන්ට වාර්තා කිරීමත් සමඟ ඔවුන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට තීරණය කර ඇත.
එම වෛද්‍ය පරීක්ෂණය නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලේදී සිදුකිරීම සදහා ඔවුන් තිදෙනාව කොළඹට එවීමට ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් ඇත්තේ ත්‍රිකුණාමලය පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂ රාෆි නැමැති නිලධාරියා විසිනි.
ඔහු භාරයේ කොළඹට ඔවුන් තිදෙනා රැගෙනවිත් පරීක්ෂණය සඳහා යොමුකිරීමට නියමිතව තිබී ඇත.
දුම්රිය ස්ථානයේ බංකුවක් මත වාඩිවන ලෙස පොලිස් කොස්තාපල්වරු තිදෙනාට දැනුම්දී ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂක රාෆි දුම්රිය ප්‍රවේශපත්‍ර ලබාගැනීමට කටයුතු කර තිබේ.
එම ප්‍රවේශපත්‍ර ලබාගෙන දුම්රිය වේදිකාවට ගොස් පරීකෂා කර බැලීමේදී පෙනීගොස් ඇත්තේ පොලිස් කොස්තාපල්වරු තිදෙනා පළාගොස් ඇති බවය.
මෙසේ මෙම නිලධාරීන් තිදෙනා පළාගොස් ඇත්තේ පෙරේදා (26) සවස් කාලයේදීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart