April 29, 2024

එකවරම ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් නිසා පසුගිය සෙනසුරාදා (26දා) දිනයේ කරන්නාගොඩ ගම්මානයේ පුද්ගලයන් තිදෙනකු මියගොස් ඇතැයි වරකාගොඩ පොලිසිය පවසයි.

නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් මෙම මරණ සිදු වී තිබේ දැයි සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ දෙදෙනකු හොරණ මහ රෝහල වෙත රැගෙන ඒමේදී එක් පුද්ගලයකු මියගොස් තිබේ.

අනෙක් පුද්ගලයා රෝහලට ඇතුළත් කළ දිනට පසු විසිහත්වැනිදා උදෑසන මිය ගොස් ඇත.

තෙවැනි පුද්ගලයා හොරණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් වී ඇතැයි පොලිසිය පවසයි.

මේ සියලුමදෙනාට තිබී ඇත්තේ එකම රෝග ලක්ෂණ බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

හොරණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සහ කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයේ තවත් දෙදෙනෙක් ප්‍රතිකාර ලබති.

මේ අතර එම ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන පුද්ගලයකු ප්‍රකාශ ලබාගැනීම සඳහා පොලිසිය වෙත රැගෙනවිත් ඇති බව වරකාගොඩ පොලිසිය පවසයි.

මෙම පුද්ගලයන් එකම ස්ථානයකින් යම් මත්ද්‍රව්‍යයක් පානය කළා දැයි පිළිබඳව තොරතුරු විමර්ශනය කරමින් සිටින බව ද වරකාගොඩ පොලිසිය සඳහන් කරයි.

වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වූයේ මියගිය තිදෙනාගේ මරණවලට හේතුව හෘදයාබාධ බවයි.(දිවයින)

42.31%
17.27%
32.76%