January 8, 2024

කාත්තන්කුඩි ප්‍රදේශයේදී 15 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් පහරදී සමූහ දූෂණයට ලක් කළ බව කියන පුද්ගලයන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෙම්වතා හමුවීමට යමින් සිටියදී සැකකරුවන් විසින් දැරිය පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

පසුගිය සිකුරාදා සැකකරුවන් විසින් ඇය ආරියම්පති ප්‍රදේශයට ප්‍රවාහනය කර ඇති අතර එහිදී ඇයට පහරදී සමූහ දූෂණයට ලක්කර ඇත.

පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවයි.

සැකකරුවන් අවුරුදු 26ත් 32ත් අතර වයස්වල පසුවන අතර ඔවුන් ආරියම්පති ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

42.31%
17.27%
32.76%