September 4, 2024

ගාල්ල වෙරළ තීරයට නාවික සැතපුම් 270ක් (කිලෝමීටර් 501ක්) පමණ ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මෙරට ධීවර යාත්‍රාවක් සහ නෞකාවක් ගැටීමෙන් ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනෙකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

පොලිසිය පැවසුවේ, අනතුර සිදුවන අවස්ථාවේ ධීවර යාත්‍රාවේ ධීවරයින් හත්දෙනකු සිට ඇති බවයි.

‘ලසන්ත 01’ නමැති වෙනත් ධීවර යාත්‍රාවක් මගින් අනතුරට පත් ධීවරයින් සිව්දෙනකු බේරාගෙන ඇති අතර ඔවුන් ගොඩබිමට රැගෙන එමින් පවතින බවත් තවත් තිදෙනෙකු අතුරුදන්ව සිටින බවත් පොලිසිය සඳහන් කරයි.

අතුරුදන්ව ඇත්තේ කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28, 43 සහ 52 යන වයස්වල පසුවන්නන් තිදෙනෙකි.

අතුරුදන් වූ ධීවරයින් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගාලු වරාය පොලිසිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුර පරීක්ෂණ පවත්වයි