Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ළමා අපචාරවලින් පීඩාවට පත්වූවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට නව පනත් තුනක් පිළිබඳ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව වාර්තාවේ.
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැති ගීතා කුමාරසිංහ ප්‍රකාශ කර ඇත්තේ, ළමා අපචාරවලට ගොදුරුවූවන්ට රජයෙන් කාලෝචිත මූල්‍ය ආධාර ලබාදීමට මෙම පනත් කෙටුම්පත් මගින් අපේක්ෂා කරන බවයි.
“එක් පනතකින් අවධානය යොමු කරන්නේ මෙවැනි අපචාර හේතුවෙන් ගැබ්ගන්නා ගැහැණු ළමයින්ට තමන් සහ තම දරුවන් බලාගැනීම සඳහා මුල්‍ය ආධාර ලබාදීමයි. අනෙක් පනත් කෙටුම්පත මගින් වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටුවීම සහතික කිරීම සඳහා වැරදිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය මූල්‍ය ආධාර ලබාදීමට බලාපොරොත්තු වෙනවා. අපයෝජනයට ලක්වන බොහෝදෙනෙකුට කිසිම දෙයකට අවශ්‍ය මූල්‍ය පහසුකම් නැහැ”යැයි රාජ්‍ය ඇමැති ගීතා කුමාරසිංහ පැහැදිළි කරයි.
තුන්වැනි පනත් කෙටුම්පත මගින් අවධානය යොමුකර ඇත්තේ, ස්ත්‍රී දූෂණ හෝ අපයෝජන හේතුවෙන් උපත ලබන දරුවන්ට සහ මව්වරුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද දරුවන්ට ආධාර කිරීම සඳහා ප්‍රතිපාදන ලබාදීම බවත් තවමත් එය සාකච්ඡා වෙමින් පවතින බවත් ඇය සඳහන් කරයි.
තවද, තමන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සමඟ සාකච්ඡා කළ බවත්, බාලවයස්කාර දැරියන් දූෂණය කිරීම සහ අපයෝජනය කිරීම් සම්බන්ධ අධිකරණවල නඩු කඩිනමින් විසඳාගැනීම සහතික කිරීම සඳහා නීති ප්‍රතිසංස්කරණ ගෙනඒම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කරන බවත් රාජ්‍ය ඇමැති කුමාරසිංහ ප්‍රකාශ කරයි.
සැප්තැම්බර් මාසයේදී පමණක් බාලවයස්කාර දරුවන් 160කට අධික පිරිසක් ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවත්, ඉන් 22ක් ගැබ්ගෙන ඇති බවත් රාජ්‍ය ඇමැතිවරිය පසුගිය සතියේ හෙළි කර තිබිණි.(Sunday Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart