March 7, 2025

සංචාරක කාන්තාවකගෙන් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

විදේශීය සිගරට් සම්බන්ධයෙන් නීතිමය පියවර නොගන්නා මුවාවෙන් ඔස්ට්‍රියානු සංචාරක කාන්තාවකගෙන් අල්ලස් ඉල්ලා සිටීමේ චෝදනාව මත කොල්ලුපිටිය පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් තිදෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව, සංචාරක කාන්තාවගෙන් රුපියල් 50,000 ක මුදලක් ඉල්ලා සිටීමේ චෝදනාව මත සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.