January 13, 2024

රජයට අයත් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා පාර්ශව 03ක් කැමැත්ත පළකර ඇත.

ඉන්දියාවේ JIO ඇතුළු සමාගම් තුනක් මෙලෙස යෝජනා ඉදිරිපත් කර තිබේ.

ඉන්දියාවේ Jio Platforms Ltd, Gujrat, Gortune International Investment Holding Ltd c/o Capital Alliance Limited සහ Pettigo Comercio International LDA c/o NDB Investment Bank Ltd යන සමාගම් මෙලෙස ටෙලිකොම් ආයතනයේ කොටස් මිලදී ගැනීමට එකඟතාව පළකර තිබේ.

2023 නොවැම්බර් 10 වැනි දින අන්තර්ජාතික සහ දේශීය ජනමාධ්‍ය හරහා ශ්‍රී ලංකා රජය, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය හරහා ටෙලිකොම් ආයතනයේ කොටස් මිලදී ගැනීමට කැමැත්තක් දක්වන ආයෝජකයන්ගෙන් සුදුසුකම් සඳහා ඉල්ලීමක් (RfQ) ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට අනුව කැමැත්ත ප්‍රකාශ කිරීම් භාරගන්නා අවසාන දිනය 2024 ජනවාරි 12 සිකුරාදා පස්වරු 02 න් අවසන් විය.

2023 ජූලි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද රාජ්‍ය සතු ව්‍යවසායන් බෙදා හැරීම පිළිබඳ විශේෂ මාර්ගෝපදේශ අනුව RfQs ඇගැයීමට ලක්කෙරේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි රජය සතු කොටස් බෙදාහැරීම සඳහා අන්තර්ජාතික මූල්‍ය සංස්ථාව ගනුදෙනු උපදේශකයන් ලෙස ක්‍රියාකරයි.