August 28, 2024

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයන් තිදෙනෙකු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව ප්‍රජාතාන්ත්‍රීය, ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක අනාවරණය කරයි.

‘අද දෙරණ BIG FOCUS’ වැඩසටහනට එක් වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනකු ඉදිරිපත් වූ අතර ඉන් එක් අපේක්ෂකයෙක් පසුගිය දා අභාවප්‍රාප්ත විය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මංජුල ගජනායක මෙසේ සඳහන් කළේය.

“අභාවප්‍රාප්ත වූ පුද්ගලයා වෙනුවට වෙනත් අයෙක් තවමත් නම් කර නැහැ. ඒ නම් නොකිරීම තුළ මම යම් දුර්වලතාවයක් දකිනවා. සංවිධිතව මේ ක්‍රියාවලියට දායක වුණා නම් අදේශකයක් තිබිය යුතුයි. පෑලෑන් A සහ පෑලෑන් B නැති එකත් යම් ආකාරයකට මම විශ්වාස කරන්න වංකවීමක් ලෙස. මේ 38 දෙනාගෙන් 15 දෙනෙක් පමණයි යටත් පිරිසෙන් අඩුම තරමේ පුද්ගලයින් 10 දෙනෙකු හෝ රැස්කර හමුවක් පවත්වා තිබෙන්නේ.

මම ඉතාම වගකීම් සහගතව මේ ප්‍රකාශය කරන්නේ. පොකට් මිටීන් එකක් කියන්නේ අපි එහෙමවත් හමුවක් සංවිධානය කරලා තියෙන්නේ 15 දෙනෙකු පමණයි. අනෙක් 24දෙනා එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා. තව 23 දෙනෙකු ඉතුරුයි. ඒ 23 දෙනාගෙන් 03 දෙනෙකු ආගිය අතක් නැත.

මැතිවරණ කොමිසමට ලබාදී ඇති දුරකථන අංකවලට ඇමතුවාට පස්සේ 03කින් දෙන්නෙක් අමතන්නේ වෙන කෙනෙක්. අනෙක් කෙනා දුරකථනය විසන්ධි කරනු ලබනවා. ඒ 23 දෙනාගෙන් 05 දෙනෙකුට අඩුම තරමේ සමාජ මාධ්‍ය යටතේ ෆේස්බුක් ගිණුමක්වත් නැහැ. අනෙක් 23 දෙනා වෙත නැවත ප්‍රවිෂ්ඨ වුණොත් පේන දේ තමයි, ඔවුන්ගෙනුත් යටත් පිරිසෙන් තුන්දෙනෙක්වත් අඩුම තරමේ තමන් ජනාධිපති අපේක්ෂකයෙක් යැයි නාමයෝජනා පත්‍රයේ අත්සන් කරලා තියෙනවා. ඇප තැන්පත් කරලා තියෙනවා. ඒ හැර තමන්වත් කිසිම තැනක හඳුන්වා ගෙන නැහැ. අඩුම ගාණේ මාධ්‍ය වෙතවත් මම ජනාධිපතිවරණයට තරග කරනවා කියලාවත් තුන්දෙනෙක් කියලා නැහැ.

අනික් කාරණය තමයි අපිට අවශ්‍ය වුණා මේ 39 දෙනාගේ පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූපයක් අප්ලෝඩ් කරන්න අපේ වෙබ් අඩවියේ. එහිදීත් ඇත්තටම ඡායාරූපයක් පවා ලබාගැනීමට නොහැකි වී තිබෙනවා ඔවුන්ගේ සන්නිවේදනය හරහා. 15 දෙනා හැර අනෙක් 24 දෙනා සන්නිවේදනය සඳහාවත් එළඹෙන්නේ නැහැ.”