July 12, 2024

පොල් සහ තැඹිළි වගාව ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් පවතින සුදු මැස්සා, පොල් කුරුමිණියා හා රතු කුරුමිණියා නමැති කෘමි උවදුරු පාලනය සඳහා මාසයක කාලයක දී කඩිනම් ඒකාබද්ධ පළිබෝධ පාලන වැඩසටහනක් අරඹන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර අදාළ නිලධාරීන්ට අද (11)දා උපදෙස් දුන්නේය.

සුදු මැස්සාගෙන් හා අනෙකුත් කෘමින්ගෙන් පොල් වගාවට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය හා පොල් පර්යේෂණ ආයතනය එක්ව ඒකාබද්ධ වැඩසටහනක් මාසයක් ඇතුළත අරඹන්නැයි ද, ඒ සඳහා වැයවන මුදල් පොල් සංවර්ධන අධිකාරිය මගින් ලබා දෙන ලෙස ද ඇමැතිවරයා උපදෙස් දුන්නේය.

පාර්ලිමේන්තු කමිටු අංක ශාලාවේ දී පැවැති කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

42.31%
17.27%
32.76%