Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විසිතුරු ශාකයක් ලෙස මෙරටට හඳුන්වා දුන් ‘වෙල්වට්’ හෙවත් ‘යෝධ බෝවිටියා’ ශාකය, මේ වන විට මධ්‍යම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවල ඇති දේශීය ශාක හා සත්ත්ව ප්‍රජාවට හානිදායක අයුරින් ආක්‍රමණික ආගන්තුක විශේෂයක් ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන පවසයි.
ලොව පවතින වඩාත් හානිකර ආක්‍රමණික ආගන්තුක ජීවීන් 100 ලැයිස්තුව අතර පවතින වෙල්වට් ශාකය වෙනත් රටවල මේ වන විට ආක්‍රමණික සහ විශේෂයක් බවට පත්ව ඇති බවද ඔහු පෙන්වාදෙයි.
ඝණව වැඩෙන විශාල පත්‍ර නිසා භූමිය මුළුමනින්ම ආවරණය වීම, ශාකය විශාල ඉඩකඩක් අත්පත් කරගැනීම, ඝණ ශාක ස්ථරයක් ලෙස භූමිය වසාගැනීම, ශාකයට යටින් වෙනත් ශාකවලට වර්ධනය වීමට ඉඩක් නොමැති වීම හේතුවෙන් මෙය මධ්‍ය කඳුකරය ආශ්‍රිතව ආක්‍රමණශීලී ආගන්තුක ශාක විශේෂයක් බවට පත්ව ඇතැයි ආචාර්ය ජගත් ගුණවර්ධන සඳහන් කරයි.
මේ හේතුවෙන් එම ප්‍රදේශවල පවතින දේශීය ශාක සහ ඒවා ආශ්‍රිතව ජීවත්වන සත්ත්ව ගහණයන් විනාශවීම සිදුවන බවද ඔහු පවසයි.
විද්‍යාත්මකව Miconia calvescens යන නමින් හැඳින්වෙන මේ ශාකය මේ වන විට මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල මධ්‍ය කඳුකරයේ පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇති බවට ඔහු හෙළිකරයි.
ගිනිගත්තේන, නාවලපිටිය, වටවල, සප්ත කන්‍යා කඳු පාමුල, හැටන් ශ්‍රී පාද මාර්ගය, හාවාඑළිය, මහනුවර-බදුල්ල දුම්රිය මාර්ගයේ අවට, ගම්පොළ, රක්වාන, පොතුපිටිය, කලවාන, කුඩව, වැද්දාගල, අත්වැල්තොට ආදී සිංහරාජය අවට හා ලක්ෂපාන දිය ඇල්ලට යන මාර්ගය දෙපස මේ ශාකය දැකගත හැකි බවද වාර්තා වේ.
මීටර් 15ක් පමණ උසකට වැඩෙන කුඩා ගසක් වුවත් බොහෝවිට පඳුරු ආකාරයෙන් වර්ධනය වී තිබෙනු දැකිය හැකි බව ආචාර්ය ජගත් ගුණවර්ධන සඳහන් කරයි.
මෙහි පත්‍රයේ උඩ පැත්ත තද කොළ පැහැතිය. පත්‍රයේ යටි පැත්ත රතුවන් දම් පැහැයක් ගනී. පත්‍ර නාරටි සුදු පාටින් යුතුය.
මෙම පත්‍රයේ හැඩය සහ නාරටියේ පිහිටීම බෝවිටියා පත්‍රයකට සමාන නිසා මෙයට යෝධ බෝවිටියා යන නමක් පටබැඳී තිබුණද, අතීතයේදී මේ ශාකය වෙල්වට් ගස ලෙසින් හැඳින් වූ බවද ජගත් ගුණවර්ධන පවසයි.
මෙහි පුෂ්ප කුඩාය. ඒවා පුෂ්ප මංජරියක හටගනී. කුඩා පුෂ්ප සුදු හෝ ලා රෝස පැහැයක් ගනී. මෙහි ඵල ප්‍රමාණයෙන් කුඩාය. ඒවා තද රතු-දම් පැහැතිය. මෙහි ඵල ව්‍යාප්ත වනුයේ පක්ෂීන්ගෙනි. මේ අතුරින් ප්‍රධාන වන්නේ කොණ්ඩ කුරුල්ලන්ය.
මධ්‍යම සහ දකුණු ඇමරිකාව නිජබිම කොටගත් මේ ශාකය 1994 වසරේදී පමණ මෙරටට හඳුන්වා දුන් එකක් බවද හෙතෙම සඳහන් කරයි.
මේ ශාකය පිළිබඳව හා එහි හානිකර විභවය පිළිබඳව මේ වන විට දැනුවත් කර නොමැති නිසා රටේ වෙනත් ප්‍රදේශවල ජනතාවද තවමත් සිය ගෙවතුවල වෙල්වට් ශාකය විසිතුරු ශාකයක් ලෙස වගාකර ගන්නා බවක් පෙනෙන්නට ඇතැයිද හෙතෙම පෙන්වාදෙයි.
පහතරට තෙත් කලාපයෙත් මේ ශාකය හොඳින් වැඩෙන නිසා වෙනත් ප්‍රදේශවලද ආක්‍රමණිකයෙක් වීමේ අවදානමක් පවතින්නේ යැයිද ආචාර්ය ජගත් ගුණවර්ධන සඳහන් කරයි.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart