Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වගකීම් විරහිත ප්‍රකාශ නිකුත් කරන්නන් තම ක්‍රියාව සත්‍යයට සහ යුක්තියට එරෙහි පාපයක් බව මතක තබාගත යුතු යැයි කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.
ඇතැම් මන්ත්‍රීවරුන් තමන්ට එරෙහිව පාර්ලිමේන්තුවේදී පදනම් විරහිත චෝදනා එල්ල කිරීම කණගාටුවට කරුණක් බවද කාදිනල් හිමිපාණන් සිය නිවේදනයේ සඳහන් කර ඇත.
“පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ සහ විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වන ලෙස අපි සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. එවැනි පරීක්ෂණයක් ඉදිරිපත් කළ හැකි ඕනෑම පක්ෂයකට ඡන්දය දෙන ලෙස මම ජනතාව දිරිමත් කරනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පසුගියදා පැවති පාර්ලිමේන්තු විවාදයේදී ඇතැම් මැති ඇමතිවරුන් යම් පක්ෂයකට ඡන්දය දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි බවට මට චෝදනා කළ බව මට දැනගන්නට තිබෙනවා. මෙය බොරුවක් වන අතර මම කිසිවිටෙක කිසියම් පක්ෂයකට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා නැහැ” යනුවෙන් උන්වහන්සේ පවසයි.
“පාස්කු ඉරිදා සංහාරයේ සත්‍ය සොයාගැනීමටත් වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමටත් ක්‍රියාකරන ලෙසත් මානව හිමිකම් කඩකළ සහ පෙරටුකරගත් පක්ෂවලට ඡන්දය නොදෙන ලෙසත් තමා ජනතාවගෙන් නිතරම ඉල්ලා සිටින බව ද උන්වහන්සේ සඳහන් කර තිබේ.
“මේ වන විට සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අපට සහතික වී ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍ය සොයාබැලීම සඳහා විමර්ශනය කරන බවත් ඒ සඳහා ඔවුන්ගේ සැලසුම් සහ මාර්ග සිතියම් අප වෙත ඉදිරිපත් කරන බවත්ය. අනෙකුත් දේශපාලන පක්ෂවලට ද එය අනුගමනය කළ හැකියි,” යනුවෙන් කාදිනල්තුමා සිය ප්‍රකාශයේ සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart