July 8, 2024

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සඳහා සඳහා නික්ම යන ශ්‍රී ලාංකික ශ්‍රමික කණ්ඩායමකට ගුවන් ටිකට්පත් ලබාදීමේ උත්සවය නාරාහෙන්පිට කම්කරු අමාත්‍යංශයේදී පැවැත්විණි.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායකකාරගේ සහභාගීත්වයෙන් පැවැති අවස්ථාවට ඊශ්‍රායල් රැකියාලාභීන් නවදෙනෙක් සහභාගී වූහ. එම අවස්ථාව ඇමතු අමාත්‍යවරා පසුගිය දිනවල ඊශ්‍රායල් කෘෂි ක්ෂේශ්‍ර්ත්‍රයේ ශ්‍රි ලංකික ශ්‍රමිකයන්ට අවස්ථා හිමිවීම යම් අර්බුදයකට ලක්ව තිබු බවත්, එම තත්ත්වය නිමාකරමින් නැවැත ඊශ්‍රාලය් කෘෂි රැකියා සඳහා ලංකිකයන්ට අවස්ථා හිමිවීම සතුටු දායක පුවතක් බවත් පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

”ඊශ්‍රායලයට අපි මුලින් යවපු කණ්ඩායම්වල අඩුපාඩු නිසා මේ වන විට එරට කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා යම් අවධනමකට ලක්වෙලා තිබුණා. අපේ ඇතැම් අය ලංකාවේ පුරුද්දට එහෙත් උද්ඝෝෂණ කරන්න ගිය නිසා තමයි එහෙම උණේ. ඒත් අපි ආණ්ඩුවක් හැටියට දිගටම කරපු සාකච්ඡා නිසා නැවත එරට ගොවිපොළවල රැකියා අපිට ලැබිලා තියනවා.

ඔබ ගිහින් හොඳින් වැඩ කළහොත් එරටට යන්න බලාන ඉන්න තවත් 8000 කට අසන් ගනනකට අවස්ථාව ලැබෙයි. ඒ විතරක් නෙවෙයි මේ කණ්ඩායමේ කෘෂි ක්ෂේත්‍රය සඳහා නොතේරෙන අය අර්ධ පුහුණු ශ්‍රමිකයන් ලෙස ඊශ්‍රායලයට යවන්න අවස්ථාව ලැබිලා තියනවා. ඊට අදාල ගිවිසුම් පවා ලැබිලා තියනවා.

ඇතැම් අය කියනවා මනුෂගේ කට්ටිය ගිහින් ඊශ්‍රායලයේ රැකියා නැති කරා කියලා. මම ඇමතිධුරය බාරගත්තට පස්සේ තමයි ඊශ්‍රායල් රැකියා අවස්ථා ලබාගගතේ. ඒත් එහෙට ගිහින් කලබල කරපු අය ආපසු කැඳවන්න විතරක් නොවේ නැවත පිටරට රැකියවකට යන්න බැරි විදියට අසාදු ලේඛනණගත කරන්නත් අපි වැඩ කරනවා”

මේ මොහොත ශ්‍රී ලංකාවර සුබ ආරංචි පැමිණෙමින් තිබෙනා මොහොතක් බවත්, පසුබෑමකට ලක්ව තිබූ ඊශ්‍රායල් රැකියා නැවත හිමිවීමද සැබෑම සුබ ආරංචියක් බවත් අමාත්‍යවරයා පැවසීය . එමෙන්ම මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්චාවන්ද සාර්ථකව නිමාකර ඇති බවත්, ඉතිරිව ඇත්තේ ගිවිසුම්වලට අත්සන් කිරීම පමනක් බවත් පැවසූ අමාත්‍ය මනුෂ නනායකකාර අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාවේ ඇතැම් පාර්ශව මව්බිමට ලැබෙනා සුබ ආරංචියකට කැමති නැති බවද පැවසීය.

42.31%
17.27%
32.76%