Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් ඇමැති ජීවන් තොණ්ඩමන් සහ එම පක්ෂයේ ජෙෂ්ඨ නායකයන් තිදෙනෙක් අද (29) නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මොසමක් ඉදිරිපත් කරමින් පෙනි සිටි බව නුවරඑළිය මුලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි පැවසිය.
ඇමැති ජීවන් තොණ්ඩමන් එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් සමග ඉකුත් මැයි මස (30) දින නුවරඑළිය පිඩෘ වතුයායට අයත් තේ කර්මාන්ත ශාලාව වෙත ගොස් එම වතු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු කාර්ය මණ්ඩලය පැය කිහිපයක් ඔවුන් භාරයේ රඳවාගත් බව කියන පැමිණිල්ලක් සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය විසින් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට වෙත ඉකුත් මස (22) දින කරුණු වාර්තා කර තිබිණි.
පොලිසිය එහිදී කියා සිටියේ පැමිණිල්ල සම්බන්ධයෙන් නිතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බවත්, විමර්ශන කටයුතු අවසන් කර නොමැති නිසා සැකකරුවන්ගේ නම් අධිකරණය වෙත ඉදිරිපත් නොකරන බවයි.
එම වතු සමාගම වෙනුවෙන් පෙනි සිටි නීතිඥයන් සැකකරුවන්ගේ නම් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කියා සිටියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා නොකරන බවත්, ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.
ඒ අනුව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් ඇමැති ජීවන් තොණ්ඩමන් , එම පක්ෂයේ ජාතික සංවිධායක එස්.සත්‍යවේල්, එම පක්ෂයේ ජෙෂ්ඨ සමාජික ලෝගදාස් සහ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති යෝගනාදන් යන පිරිස අධිකරණය වෙත ඉදිරිපත් වි ඇත.
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් වූ අවස්ථාවේ නුවරඑළිය මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාන්දි අධිකරණය හමුවේ පවසා ඇත්තේ පොලිසිය මගින් සැකකරුවන් කිසිවකු නම් කර නොමැති නිසා මෙම නඩුව ලබන මස (26) දින කැඳවන බවයි.
ඉදිරි විමර්ශන කටයුතු සම්බන්ධයෙන් නුවරඑළිය ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හෝ සහකාර පොලිස් අධිකාරිවරයකු අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කර ඇත.
ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සංවිධායක එස්.සත්‍යවේල් කියා සිටියේ පොලිසිය මගින් තම පක්ෂයේ මහ ලේකම්වරයාගේ හෝ තමන්ගේ නම් අධිකරණය හමුවේ ඉදිරිපත් කර නොතිබු බවත්, වතු සමාගම් වෙනුවෙන් පෙනි සිටි නීතිඥයන් අධිකරණය හමුවේ තමන් සැකකරුවන් ලෙස නම් කර සිටි නිසා අධිකරණයට ගරු කිරිමක් වශයෙන් තම පක්ෂයේ මහ ලේකම්වරයා ඇතුළු තිදෙනො අද (29) දින නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට මොසමක් මගින් ඉදිරිපත් වූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart