December 27, 2024

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව 2023 වසරට සාපේක්ෂව 150%කට වැඩි ආදායමක් වාර්තා කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් රංජන මාරසිංහ පවසයි.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ ජාතික සත්වෝද්‍යානය මගින් රු. බිලියන 1.42 ක ආදායමක් මේ වසරේ දෙසැම්බර් 23 වන විට උපයාගෙන ඇති බවයි.

පින්නවල අලි අනාථාගාරය එම මුළු ආදායමින් වැඩිම කොටසට එනම්, 61.4% කට දායක වී ඇති අතර එය රු. මිලියන 876 කි.

මීට අමතරව, දෙහිවල සත්වෝද්‍යානය 22%ක්ද, රිදියගම සෆාරි උද්‍යානය 9%ක්ද පින්නවල විවෘත සත්වෝද්‍යානය මුළු ආදායමෙන් 7.5%ක්ද ලෙසින් දායකත්වය ලබා දී ඇත.

ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් සහ අගෝස්තු මාසවල වැඩිම ආදායමක් වාර්තා වූ අතර ජනවාරි වඩාත්ම ලාභදායී මාසය විය.

“අපි 2025 ජනවාරි මාසයේදීත් එවැනිම ආදායම් මට්ටම් අපේක්ෂා කරනවා,” අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%