Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ වාර්තා වූ රිය අනතුරුවලින් අවම වශයෙන් පාසල් සිසුන් 115 දෙනෙක් පමණ මියගොස් ඇතැයි පොලිස් රථවාහන අංශයේ ප්‍රධාන සහකාර පොලිස් අධිකාරී මනෝජ් රණගල සඳහන් කරයි.
පොලිස් දත්තවලට අනුව මෙරට සිදුවන රිය අනතුරුවලින් දිනකට පුද්ගලයන් 06 දෙනකු මියයන බවත්, පැය හතරකට වරක් එක් මරණයක් වාර්තා වන බවත් ඔහු පවසයි.
එමෙන්ම දිනකට බරපතල තුවාල ලබන පුද්ගලයන් 03 දෙනකු වාර්තා වන බවත්, තුවාල ලැබූ පුද්ගලයන් 04 දෙනකු සඳහා ප්‍රතිකාර අවශ්‍ය වන බවත්, ඔහු සඳහන් කර තිබේ.
මේ අතර, 2020 වසරේ රිය අනතුරුවලින් පුද්ගලයන් 2363 දෙනකු මියගොස් ඇති අතර, 2021 වසරේ දී පුද්ගලයන් 2513 දෙනකු මියගොස් ඇත.
එමෙන්ම 2022 වසරේ රිය අනතුරුවලින් පුද්ගලයන් 2515 දෙනකු මියගොස් ඇති අතර, එම සංඛ්‍යාව මෙතෙක් වසරකට වාර්තා වූ වැඩිම සංඛාව වේ.
මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ඔක්තෝබර් 15 වැනිදා දක්වා කාලය තුළ රිය අනතුරු හේතුවෙන් මරණ 150ක් වාර්තා වී ඇතැයි ඔහු පවසයි.
වාර්තා වන මරණවලින් සියයට 10කට ආසන්න ප්‍රමාණයක් වයස අවුරුදු 18ට අඩු පාසල් සිසුන් බව සහකාර පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart