December 28, 2023

මෙම වර්ෂයේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 800කට අධික පිරිසක් ශ්‍රී ලංකාව හැරගොස් තිබේ.

තවත් 1000කට ආසන්න පිරිසක් නිවාඩු ලබා විදේශගතව සිටින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පවසයි.

විශ්වවිද්‍යාල සඳහා නව කථිකාචාර්යවරුන් බඳවා ගැනීම ද මේ වනවිට නතරකර තිබේ.

මේ හේතුවෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බව හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.

42.31%
17.27%
32.76%